ප්‍රථම චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය ‍ගෝලීය පාරිභෝගික ක්ෂේත්‍රයට පුළුල් අවස්ථා
2021-05-11 20:31:07
Share with:

පසුගිය දා අවසන් වූ ප්‍රථම චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය ‍ගෝලීය පාරිභෝගික ක්ෂේත්‍රයේ දැවැන්ත ක්‍රියාකාරකමක් වශයෙන් සැලකේ. දින 4ක් පුරා පැවති එම ප්‍රදර්ශනය සඳහා  රටවල් හා ප්‍රදේශ 70ක ව්‍යවසායන් 1505ක් වෙ‍ළඳ සන්නාම 2628ක් සහිත ව එක් විය.

දකුණු චීනයේ Hai Nan පළාතේ Hai Kou නගරයේ පැවති එම චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනයේ අරමුණ චීනයේ පාරිභෝගික විභවය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද වඩාත් පුළුල් කිරීම ය. එම ප්‍රදර්ශනයට එක් වූ වෙළඳ සන්නාම 2628 අතරින් ජාත්‍යන්තර සන්නාම 51.9%ක ප්‍රතිශතයක් ගැනීම විශේෂත්වයකි.

පරි‍භෝජනය, චීන ආර්ථිකය වඩාත් ඉදිරියට ගෙන යාමට වැදගත් ගාමක බලයක් ලබා දෙයි. එහි මනා නිදසුනක් වශයෙන්, 2020 වසරේ කොරොනා වසංගතය හමුවේ වුවද චීනයේ ඒක පුද්ගල පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන්  54.3%ක් ගනු ලැබිණ. ඉදිරියේදී චීනයේ පාරිභෝගික වෙළඳ පොල තව තවත් වර්ධනය වනු ඇත. ඉදිරි වසර 10 තුළ චීන ජනතාවගේ පරිභෝජනය වාර්ෂික ව 7.9%කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කෙරේ. එය ලෝකයේ ඉහළ ම මට්ටමට ළඟා වනු ඇත. මෙවන් තත්ත්වයක් යටතේ චීනය ප්‍රථම වරට ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය පැවැත්වීම, ගෝලීය පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදකයන්ට වඩාත් පුළුල් අවස්ථාවක් ලබා දී තිබේ.

මේ වන විට දෙස් විදෙස් ව්‍යවසායන් 42ක් 2වන චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනයට එක් වීම පිළිබඳ ගිවිසුම් අත්සන් කර ඇත. බිලියන 1.4ක ජනගහනයක් සිටින චීනයේ වෙළඳපොල සමස්ත ලෝකය පොදුවේ බෙදා ගත හැකි මහ වෙළඳපොලක් බව නිසැක ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන