චීනයේ ජන විකාශන වෙනස්කම්වල ධනාත්මක ලක්ෂණ පිළිඹිබු කෙරේ
2021-05-11 20:08:23
Share with:

චීනයේ ජන විකාශන වෙනස්කම්වල ධනාත්මක ලක්ෂණ පිළිඹිබු කෙරේ_fororder_人口

චීන රජයේ 7වැනි ජන සංගණනය පිළිබඳ ප්‍රධාන සංඛ්‍යාලේඛන අද(11) පළ කෙරිණ.

2020 වසරේ, චීනයේ ජනගහණය බිලියන 1.41කි. එය ලෝකයේ මුළු ජනගහණයෙන් 18% වන අතර, ලෝකයේ පළමු ස්ථානයේ අඛණ්ඩ ව පවතී.

වර්තමාන චීනයේ  අවුරදු 16 සිට 59 දක්වා වැඩ කරන ජනගහනය මිලියන 880ක් වන අතර, ශ්‍රම බලකාය බහුල ය. ජනගහනයේ සාමාන්‍ය වයස අවුරුදු 38.8 ක් වන අතර, ඉන් බහුතර උද්යෝගීවත් ජන කණ්ඩායම් පිළිඹිබු කෙරේ.

මෙවර සංගණනයෙන් චීනයේ ජන විකාශන වෙනස්කම්වල ධනාත්මක ලක්ෂණ ද අනාවරණය විය. වැඩ කරන වයස් ජනගහනය තුළ, උසස් පාසල් අධ්‍යාපනය හා ඊට වැඩි අධ්‍යාපනය ලබා ඇති ජනගහනය මිලියන 385 ක් සිටින අතර, එය 2010 වසර හා සැසඳිමේ දී12.8% ක වර්ධනයකි.

චීනයේ සංක්‍රමණික ජනගහනය වසර දහයක් තුළ 70% කින් පමණ වැඩි වූ අතර, ජනගහනය අඛණ්ඩව ගංඟා, වෙරළබඩ ප්‍රදේශ සහ ප්‍රධාන නගරවලට එක්රැස් වෙමින් සිටිති.

ජනගහණය වෙනස් වීමේ ප්‍රවණතා, චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනයට අඛණ්ඩව මාරුවීමේ ඓතිහාසික ක්‍රියාවලියට අනුකූල වේ.

විශාල ජනගහණ ප්‍රමාණය සහ අඛණ්ඩව ප්‍රශස්තකරණය වෙමින් ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය, චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධනයේ වැදගත් පදනම් ය. ලෝක ආර්ථිකය සඳහා ද එය “සහතිකයක්” වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන