චීන විරෝධී හොංකොංහි කැරලිකරුවන්ගේ පිටුබලය ලබන ඇමරිකා දේශපාලඥයෝ නීතියේ ආධිපත්‍යය විවෘතව පාගා දමති
2021-05-09 15:25:44
Share with:

චීන විරෝධී හොංකොංහි කැරලිකරුවන්ගේ පිටුබලය ලබන ඇමරිකා දේශපාලඥයෝ නීතියේ ආධිපත්‍යය විවෘතව පාගා දමති_fororder_QQ图片20210509152431

පසුගිය දින දෙක තුළ, ඇමරිකා පාර්ශවයේ ඇතැම් දේශපාල ඥයන් නීත්‍යනුකූලව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ දිසා අධිකරණය විසින් චීන විරෝධී අපරාධකරුවන් ට දඩුවම් නියම කර ඇති බවට ඕපාදූප පළ කර ඇති අතර, මෙම අපරාධකරුවන් නිදහස් කිරීම සඳහා පදනම්  විරහිත ඉල්ලීම් පවා ඉදිරිපත් කර තිබේ.මෑතකදී, මෙම දේශපාලඥයින් නිරන්තරයෙන් "නීති" මත පදනම්ව ජාත්‍යන්තර පිළිවෙල පවත්වාගෙන යන බව කියා සිටියත් ඇත්ත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටින්නේ   ජාත්‍යන්තර නීතියේ සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් උල්ලංඝනය කරන දේවල්ය. “මානව හිමිකම්” මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ ඔවුන්ගේ සැබෑ ලක්ෂණ මේ ආකාරයේ ප්‍රකාශ හා ක්‍රියාවන් ගෙන් හෙළි වේ.

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ දිසා අධිකරණය විසින් සාධාරණ නඩු විභාගයක් පවත්වා  සුදුසු දඩුවම් නියම කර ඇති අතර එය හොංකොං හි නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම පිළිබිඹු කරන අතර හොංකොං හි සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමකි. හොංකොං විශේෂ පරිපාලන කලාපයට  එරෙහි චීනයට විරුද්ධ වන අයට ද දඩුවම් නියම කිරීමට එරෙහි මැදිහත්වීම්වලට ඇමරිකාවේ සිටින ඇතැම් දේශපාලනඥයින්ට කිසිදු හේතුවක් නැත. එය හොංකොං හි නීතියේ ආධිපත්‍යය දැඩිව පාගා දැමීමකි.

අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වැදගත් මූලධර්මයක් වන අතර ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයකි. එය සියලු රටවල ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා වන මූලික සහතිකයකි.

හොංකොං හි මානව හිමිකම් සහ නිදහස මූලික නීතියෙන් සම්පූර්ණයෙන්ම සහතික කර ඇත. ඇමරිකානු දේශපාලඥයන් කිහිප දෙනෙකු හොංකොං හි අධිකරණ හා නීති පද්ධතියට අනිසි බලපෑමක් කිරීමට උත්සාහ කිරීම නිෂ්ඵල වනු ඇත. වර්තමාන හොංකොං හි බාහිර "කළු හස්තයකට" දිගටම නපුරුකම් කිරීමට ඉඩක් නැත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන