"මැයි දින නිවාඩුව" චීන වෙළඳපොළ සත්‍යාපනය කිරීමට හොඳ කාලයකි
2021-05-06 19:25:31
Share with:

"මැයි දින නිවාඩුව" චීන වෙළඳපොළ සත්‍යාපනය කිරීමට හොඳ කාලයකි_fororder_QQ图片20210506192302

මුළු දේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන 230 ක් වූ අතර සංචාරක ආදායම යුවාන් බිලියන 113.23 ක් විය. එය පිළිවෙලින් පසුගිය වසරේ සමාන කාලයට වඩා 119.7% කින් සහ 138.1% කින් ඉහළ ගොස් තිබේ. රට පුරා  චිත්‍රපට ආදායම යුවාන් බිලියන 1.6 ඉක්මවා නව වාර්තාවක් තැබීය. නිවාඩුවට දින හතරකට පෙර බැංකු ජාලයේ  සිදුවූ ගනුදෙනු වටිනාකම යුවාන් ට්‍රිලියන 1.5 දක්වා ළඟා වූ අතර එය පසුගිය වසරේ සමාන කාලයට වඩා 5.3% ක වැඩිවීමකි. ගතවු  මැයි දින නිවාඩුවේදී චීන පාරිභෝගික වෙළඳපොළේ ජනප්‍රියත්වය ලෝකය මවිතයට පත් කළේය.

මැයි දිනය පැමිණීමට පෙර, දේශීය ගුවන් ගමන් සහ විනෝද උද්‍යාන සඳහා වන සියලුම ප්‍රවේශපත්‍ර වේගයෙන් අලෙවි වූ අතර, ඉන් පෙන්නුම් කරන්නේ පශ්චාත් වසංගත යුගයේ චීනයේ ප්‍රකෘතිය ක්‍රමයෙන් වේගවත් වන බව යැයි බ්ලූම්බර් බ්ලූම්බර්ග් පුවත්පත සඳහන් කර තිබේ. ස්පාඣඣයේ "අබාසායි පුවත්පත" කියා සිටියේ ජනතාව සමූහ වශයෙන් එක්වීමේන පුනරාවර්තනය වීමෙන් චීනය වසංගතය පාලනය කිරීම ඵලදායී ලෙස පාලනය කර ඇති බවත් චීනය එන්නත් කිරීමේ වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට අඛණ්ඩව කටයුතු කරමින් ඇති බවත්ය.

මැයි දින නිවාඩුවේ සමෘද්ධිය චීනයේ වසංගත වැළැක්වීමේ සහ පාලනය කිරීමේ ඵලදායීතාවය පරීක්ෂා කරනවා පමණක් නොව, චීනයේ පාරිභෝගික වෙළඳපොල අඛණ්ඩව යථා තත්ත්වයට පත්වන බව නැවත වරක් පෙන්නුම් කරයි. මීට අමතරව දේශීය ඉල්ලුම පුළුල් කිරීම සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම, පුරවැසියන් ගේ ආදායම ඉහළ යාම සහ පරිභෝජන පරිසරය අඛණ්ඩව වැඩිදියුණු කිරීම යන චීන රජයේ ප්‍රතිපත්තිය වෙනුවන් සහයෝගතා කාර්යභාරයක් ඉටු කරයි.

චීන වෙළඳපොළ ලෝක වෙළඳපොළක්, හවුල් වෙළඳපළක් සහ සෑම දෙනාගේම වෙළඳපොළක් බවට පත්වීමට ඉඩ දීම චීනය ලෝකය කෙරෙහි දක්වන කැපවීමයි. මැයි දින නිවාඩුව අතරතුර, චීනය නැවත වරක් එම පොරොන්දුව ඉටු කරමින් සිටින බව ලෝකය දුටුවේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන