මැදිහත්වීමේ ප්‍රතිවිපාකයන්ට ලක් වූ ඇමරිකාව තවමත් සිය වැරැද්ද වටහා ගැනීම ප්‍රතික්ෂේප කරයි
2021-05-05 14:59:32
Share with:

මැදිහත්වීමේ ප්‍රතිවිපාකයන්ට ලක් වූ ඇමරිකාව තවමත් සිය වැරැද්ද වටහා ගැනීම ප්‍රතික්ෂේප කරයි_fororder_QQ图片20210505145734

ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පසුගිය 3 වන දින ලන්ඩනයේ පැවති ජී 7 විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමට සහභාගී විය. අපේක්ෂා කළ පරිදි බ්ලින්කන්ගේ සංචාරය චීනය සහ රුසියාව මැඩපැවැත්වීම සඳහා තම සන්ධාන රටවල් සමඟ එක්වීමේ අභිප්‍රාය රහසක් නොවීය. මෙය සිදු වූයේ බයිඩන් පරිපාලනයේ දින සියය පසු කරමින් ඇති කාලයේදී ය. එමඟින් ඇමරිකා රාජ්‍යතාන්ත්‍රික ක්‍රමෝපාය වෙනස් කිරීම වඩ වඩාත් පැහැදිලි විය.

එක් අතකින්, ඇමරිකාව නිරන්තරයෙන් සිය සාම්ප්‍රදායික යුරෝපීය සගයන්ට කරුණාව පෙන්වන අතර, චීනය මැදිහත්වීම සහ මර්දනය කිරීමේදී ඔවුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරයි. අනෙක් අතට, ඇමරිකාව ද ගෝලීය උපායමාර්ගික සම්පත් ඒකාබද්ධ කිරීම වේගවත් කරයි. ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වී චීනය කෙරෙහි අවධානය යොමු කරනු ඇත යන්න නොබෝ කලකට පෙර  ඇන්ටනි බ්ලින්කන් පැහැදිලිවම ඇමරිකාවේ හැරවුම් දිශාව පෙන්වා දුන්නේය.

ඇෆ්ගනිස්ථානයේ වසර 20 ක යුද්ධයේදී ප්‍රහේලිකාවක් වූ ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමට අමතරව, ඇමරිකාවම දිගුකාලීන විදේශ මැදිහත්වීමේ ප්‍රතිවිපාකවලින් පසුබෑම් රැසකට මුහුණ දී තිබේ.මේ ප්‍රතිවිපාක අවසන් වීමට පෙර, ඇමරිකාව දැනටමත් පැසිෆික් සාගරයට යමින්, නව මැදිහත්වීමේ ක්‍රියාවක් ආරම්භ කිරීම සඳහා සිය සන්ධාන රටවල් ද එක්කර ගැනීමට උත්සාහ දරමින් සිටී. තවමත් ඊනියා "මානව හිමිකම්", "ප්‍රජාතන්ත්‍රවාදය" සහ "නිදහස" යන ධජය යටතේ ඇමරිකාව නිරන්තරයෙන් "හොංකොං කාඩ්", "ෂින්ජියං කාඩ්" සහ "තායිවාන් කාඩ්" ඉදිරිපත් කරමින්  චීනයට බලපෑම් කිරීම සඳහා සිය සන්ධාන රටවල්  සමඟ එක්ව ක්‍රියා කරයි.

ඉතිහාසය කැඩපතකි. මැද පෙරදිග දශක ගණනාවක අරගලයෙන් පසුව ඇමරිකාව අවසානයේ දූවිලි සහිත අවසානයකට පැමිණ තිබේ. ආසියාවේදී චීනය වැනි දැඩි හා බලවත් රටකට මැදිහත් වීම අතිශයින්ම භයානක ය. චීනයට එරෙහිව ගන්නා සෑම උත්සාහයක්ම, නව වටයේ මැදිහත්වීමේ ප්‍රතිවිපාක දරා ගත හැකිද යන්න ඇමරිකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් කිරා මැන බැලිය යුතුය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන