"ආක්‍රමණශීලී" තොප්පිය ඇමරිකාවට සුදුසුයි
2021-05-04 15:56:02
Share with:

"ආක්‍රමණශීලී" තොප්පිය ඇමරිකාවට සුදුසුයි_fororder_QQ图片20210504155409

ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පසුගිය 2 වන දින ඇමරිකා මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් “ලෝකයේ ප්‍රමුඛ රටක්” වීමේ අරමුණින් විදේශයන්හී “වඩ වඩාත් ආක්‍රමණශීලී” වන බව පවසා චීනයට එරෙහිව දෝෂාරෝපනය කළේය. ඔහු කියා සිටියේ ඇමරිකාවේ අරමුණ චීනය පාලනය කිරීම හෝ මර්දනය කිරීම නොව චීනය “අභියෝග ” කරන ජාත්‍යන්තර පිළිවෙල ආරක්ෂා කිරීම බවයි. “ජාත්‍යන්තර නීති” සඳහා “ඇමරිකානු නීති” හුවමාරු කර ගැනීම සහ ඊට මැදිහත්වීමට “යුක්තිය” යෙදවීමේ පුරුද්ද ඇමරිකාව දිගු කලක්  පුරා ක්‍රියාත්මක කරමින් සිටී.

දශක ගණනාවක් පුරා ලෝකය දැක ඇති “ඇමරිකා පාලනය” යනු බලහත්කාරය, දේශපාලන හුදෙකලාව, ආර්ථික සම්බාධක, තාක්‍ෂණික අවහිරතා සහ වෙනත් මාධ්‍යයන් හරහා එහි උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම පමණි. ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, සිරියාව සහ වෙනත් රටවල යුද්ධ ආලෝකවත් කිරීමේ සිට ආසියාවේ සහ අප්‍රිකාවේ ඊනියා "අරාබි වසන්තය" සැලසුම් කිරීම දක්වා; යුරේසියානු රටවල ‍ “දේදුනු විප්ලවය” මෙහෙයවීමේ සිට ඉරානය, කියුබාව, වෙනිසියුලාව සහ චීනය සම්බන්ධයෙන් “දිගු දෑත් අධිකරණ බලය” ක්‍රියාත්මක කිරීම දක්වා ඇමරිකාව සෑම තැනකම සිය බලහත්කාරය ක්‍රියාත්මක කර තිබේ.

ජාත්‍යන්තර සංවිධාන ද ඇමරිකාවෙන් පීඩාවට පත්ව ඇත. ඇමරිකා පාර්ශවයේ අඛණ්ඩ බාධා කිරීම් හේතුවෙන්, විනිසුරුවන් නොමැතිවීම හේතුවෙන් ලෝක වෙළඳ සංවිධානයේ අභියාචනා මණ්ඩලය අක්‍රීය වී ඇත.

ඇමරිකාව සිය සන්ධාන රටවල් පවා බිය ගැන්වීමට හා අපහසුතාවට පත් කර ඇත. " Nord Stream 2" ස්වාභාවික ගෑස් නල මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය ජර්මනියට නවතා දැමීම‍ට සිදු වීම සහ ඩෙන්මාර්කයේ දේශපාලන පුවත්පතක් වන Politiken හුවාවෙයි සහ අනෙකුත් චීන ව්‍යවසායයන් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිත කරන්නේද යන්න තොරතුරු ලබා නොදුනහොත් Politiken පුවත්ප‍තේ  දායකත්වය අත්හිටුවන බවට තර්ජනය කිරීම ඊ‍ට පැහැදිලි සාක්ෂ වෙයි .

ආක්‍රමණශීලී සහ ලෝකය ආධිපත්‍යය දැරීමට උත්සාහ කරන්නේ කවුරුන්ද යන්න බොහෝ කලක සිට පැහැදිලි ය. “බලහත්කාරයෙන් රාජ්‍ය තාන්ත්‍රික”කටයුතුවල නියැලෙන ඇමරිකානු දේශපාලනඥයන් හේතුවෙන් ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ ජාතික ආධිපත්‍යය ද පිරිහී යනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන