ෂින්ජියං සිට පැමිණි ශ්‍රමිකයෝ සිය ශ්‍රමයෙන් සුන්දර ජීවිත නිර්මාණය කිරීමේ අත්දැකීම් විස්තර කරති
2021-04-30 20:09:35
Share with:

ෂින්ජියං සිට පැමිණි ශ්‍රමිකයෝ සිය ශ්‍රමයෙන් සුන්දර ජීවිත නිර්මාණය කිරීමේ අත්දැකීම් විස්තර කරති_fororder_4c6be0a6ceb1d5802c3f7b30aaf41f20

මැයි පළමුවන දිනට යෙදෙන කම්කරු දිනය නිමිත්තෙන් චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තයෙන් පැමිණි ශ්‍රමිකයෝ කිහිප දෙනෙක්, බෙයිජිංහි පැවති ෂින්ජියං ප්‍රදේශය පිළිබඳ මාධ්‍ය හමුවකට එක් වෙමින්, සිය ශ්‍රමයෙන් සුන්දර ජීවිත නිර්මාණය කිරීමේ අත්දැකීම් විස්තර කළහ.

‘අපි සංස්ථාවට ගිහින් රැකියා කරන්නේ අපේ කැමැත්තටයි. අපි වැඩ කරද්දී කිසිම අගතියට මුහුණ දුන්නේ නෑ. ආගමික ඇදහීම, ජීවන චර්යා, ජාතික භාෂා භාවිත කිරීමේ අයිතිය උපරිම ගරුත්වයට ලක් වුණා. බලහත්කාර ශ්‍රම භාවිතයක් නම් කිසිසේත්ම පවතින්නේ නෑ!’

එහෙත් බලහත්කාර ශ්‍රම භාවිතය යන්න බටහිර ලෝකය විසින් චීනයටත් චීනයේ ෂින්ජියං ප්‍රදේශයටත් අපහාස කිරීමට නිතරම යොදා ගන්නා ව්‍යාජ කියමනක් වී තිබේ. ෂින්ජියං ප්‍රදේශයේ අධික ස්වයංක්‍රීයකරණයෙන් සිදු කෙරෙන කපු අස්වනු නෙලීම ඇතුළු කර්මාන්ත තත්ත්වයන් ඔවුන්ට දැකිය නොහැකි සේ ය. චීන විරෝධී ඊනියා උගතුන් විසින් ගොතන ලද අසත්‍ය වාර්තා නම් ඔවුන්ගේ හොඳ මෙවලම් බවට පත් වී ඇත. ෂින්ජියං ප්‍රදේශය, ගෝලීය කර්මාන්ත දාමයට එක් වීම විනාශ කරමින්, චීන ව්‍යාපාරවල තරගකාරීත්වය අවම කරමින්, චීනය මර්දනය කිරීම ඔවුන්ගේ සැලසුම වී තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන