චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය විශ්වයේ මනුෂ්‍යයින්ගේ “පොදු නිවහන” බවට පත්වනු ඇත
2021-04-30 11:04:19
Share with:

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය විශ්වයේ මනුෂ්‍යයින්ගේ “පොදු නිවහන” බවට පත්වනු ඇත_fororder_天和

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහා "Tianhe" මූලික මොඩියුලය, Long march 5-B Y2 ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන්, ඊයේ(29) අභ්‍යවකාශ කක්ෂයට සාර්ථක ව යොමු කරන ලදී.

එමගින් සංකේතවත් වන්නේ, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කක්ෂීය එකලස් කිරීම හා ඉදිකිරීම සම්පූර්ණයෙන් ආරම්භ වන බවයි.

මීට පෙර, ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් චීනය බැහැර කරනු ලැබිණ.

බටහිර දේශපාලනඥයන් අනාගත යුද්ධ සහ ආයුධ තරඟ සඳහා ප්‍රධාන යුධ පිටිය ලෙස, අවකාශය, සලකන අතර, අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ඔවුන් චීනයට දැඩි අවහිර කිරීම් සිදුකර තිබේ.

දුෂ්කර බාධක වලට මුහුණ දෙමින් චීනය, සිය අභ්‍යවකාශ සංවර්ධනය නතර නොකළ අතර, ස්වාධීන නවෝත්පාදනයන් මගින් විශිෂ්ට ජයග්‍රහණ මාලාවක් ලබා ගෙන තිබේ.

සමහර බටහිර රටවල සංවෘත"කුඩා කවයන්"ට වඩා වෙනස් ලෙස, චීනය සැමවිටම සාමකාමී භාවිතය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මෙන්ම, එක්ව සංවර්ධනය කිරීම යන මූලධර්මවලට, අනුගතව කටයුතු කරමින් සිටී.

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය, ජාත්‍යන්තර ප්‍රජාවට විවෘත මෙන්ම, විද්‍යා හා තාක්ෂණික සහයෝගිතාවන් සඳහා හුවමාරු වේදිකාවක් ලෙසට ඉදිකිරීමට, චීනය උත්සාහ කරයි.

ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට විවෘත වන එවැනි ව්‍යාපෘතිය වන්නේ, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි.

එහි සහයෝගිතාවන් අතරට රජයන්, ජාත්‍යන්තර සංවිධාන පමණක් නොව, පෞද්ගලික ආයතන සහ පර්යේෂණ ආයතන ද ඇතුළත් ය.

තාක්ෂණය හා ප්‍රාග්ධනය නොමැති, සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ද, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් සපුරා ගත හැකිය.

ඔවුන්ට අභ්‍යවකාශයට ඇතුළු වීම සඳහාත් විවිධ යෙදුම් අත්හදා බැලීම සඳහාත් අවස්ථාව ලබා දෙන චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය, සත්‍ය වශයෙන්ම “සංවර්ධනය වෙමින් පවතින රටවල නිවහනක්” වේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන