අප්‍රතිහත අධිෂ්ඨානය හා ධෛර්යය ඉස්මතු වූ දිගු පා ගමන
2021-04-30 16:05:33
Share with:

මීට අවුරුදු 85කට පෙර, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ රතු හමුදාව Jiang Xi පළාතේ Yu Du කෝරළයේ සිට දිගු පා ගමනක් ආරම්භ කළා. කි‍ලෝ මීටර් 12 දහස් පන් සියයක පමණ දුරකින් යුත් එම දිගු පා ගමනේදී රතු හමුදාව ගංගා සිය ගණනක් , උස් කඳු 40ක් සහ පළාත් 14ක් තරණය කළා. ඒ අතරතුරේ ඔවුන් එවක රටේ පාලක Kuo Min Tang පක්ෂයේ මිලියනයකට වැඩි හමුදා භටයන්ගෙන් එල්ල වූ ප්‍රහාර 600ක් පමණ පරාජය කරමින් චීන විප්ලවය අවදානම් සහගත තත්ත්වයේ සිට සුමට ගමනක් දක්වා මෙහෙයවීමට සමත් වුණා. දිගු පා ගමන මානව ඉතිහාසයේ ප්‍රතිහාර්යයක් වශයෙන් සලකනු ලබන්නේ ඒ නිසයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දිගු පා ගමන කවර දිනෙකවත් අමතක කළේ නැහැ. 2019 වසරේ මැයි මාසයේ Jiang Xi පළාතේ Yu Du කෝරළයේ, එනම් එකල දිගු පා ගමන ආරම්භ වූ ස්ථානයේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා රතු හමුදා භටයන්ගේ දූ දරුවන් සහ දිවි පිදූ වීරයන්ගේ පවුල්වල සාමාජිකයන් මුණ ගැසුණා.

“ දිගු  පා ගමන අතිශයින් දුෂ්කර පා ගමනක්. චීන කොමියුනිස්ට් පක්ෂය හා රතු හමුදාව එම ගමනේ නිරත වන අතරතුර විටින් විට ඉතා අර්බුදකාරී දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිදු වුණා. එහෙත් ඒ හැම අර්බුදකාරී අවස්ථාවකදී ම  චීන කොමියුනිස්ට් පක්ෂය හා රතු හමුදාව දුෂ්කරතා ජය ගෙන අවසාන ජයග්‍රහණය අත්කර ගත්තා. ඊට හේතු වුණේ වෙන කිසිවක් නොව, උතුම් විප්ලවීය පරමාදර්ශයයි. ” යනුවෙන් චීන ජනාධිපතිවරයා එහිදී හැඟුම්බර ව කියා සිටියා.

රතු හමුදා භටයන් සියල්ලන්ම මරණ බියෙන් තොරව අප්‍රතිහත අධිෂ්ඨානයෙන් හා ධෛර්යයෙන් දිගු පා ගමන ගෙවා ඇත්තේ විප්ලවීය අභිප්‍රායන් චිත්ත ‍ශක්තිය වශයෙන් සිත්හි රඳවාගෙනයි. මෙය , චීන කොමියුනිස්ට් පක්ෂයට අවසාන විප්ලවීය ජයග්‍රහණය ලබා ගැනීමට හේතු වුණා. හැම පරම්පරාවකට ම සිය දිගු පා ගමන යන්න තිබෙන බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. අපි කොපමණ ජයග්‍රහණ ලබාගෙන තිබුණත් දිගු පා ගමනේ ජීවගුණය සමග අපි අඛණ්ඩව රැඳී සිටිය යුතු බව හෙතෙම අවධාරණය කරනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන