චීනය සමග ජපානයේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැරදි මාව‍තට පිවිසෙමින් තිබේ
2021-04-29 10:33:41
Share with:

ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය 2021 වසරේ රාජ්‍ය තාන්ත්‍රික නිල් පත්‍රිකාව පසුගිය 27වැනිදා නිකුත් කළේය. චීනය සහ ජපානය අතර දූපත් ආරවුල ඉස්මතු කර දකුණු චීන මුහුද, හොංකොං, සින්ජ්‍යාං යනාදී කරුණු එම නිල් පත්‍රිකවේ සඳහන් වී ඇති අතර ඊනියා චීන තර්ජනය ද ඉස්මතු කර ඇත. නමුත් ආර්ථික මට්ටමින් සැලකූ විට, චීන-ජපාන සබඳතා වඩාත්ම වැදගත් ද්විපාර්ශ්වික සබඳතා ලෙස හැඳින්වේ. දේශපාලනයේ හා ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් ජපානයේ චීන ප්‍රතිපත්තියේ විශාල ප්‍රතිවිරෝධය හෙළි කළේය.

ඇමරිකාවට සමීප වීම සහ චීනයට එරෙහි ශක්තිය පෙන්වීම, ජපානය විසින් රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගය ලෙස සලකන නමුත් ජපානය තවමත් චීන වෙළඳපොළ මත දැඩි ලෙස රඳා පවතී. ජපානය ඊනියා චීන තර්ජනය ප්‍රචාරය කරන විට, එය අනිවාර්යයෙන්ම චීනය සමඟ වෙළඳාම සහ ආයෝජනය කෙරෙහි බෙහෙවින් බලපානු ඇත. චීනය සහ ඇමරිකාව අතර අවස්ථාවාදය අනුගමනය කිරීමෙන් කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බව ජපානය වටහා ගත යුතුය. වර්තමාන ජපානය රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ වැරදි මාව‍තෙන් වහා පිටව ගොස්, චීනය සමඟ ඇති සබඳතා නැවත පරික්ෂා කළ යුතුය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන