බහුපාර්ශ්විකවාදයේ නාමයෙන් චීනයට පීඩා කිරීමට ඇමරිකාව දරන උත්සාහය
2021-04-29 20:15:33
Share with:

බහුපාර්ශ්විකවාදයේ නාමයෙන් චීනයට පීඩා කිරීමට ඇමරිකාව දරන උත්සාහය_fororder_6a63f6246b600c337092d18bb6053d07d8f9a158

ජෝ බයිඩන්ගේ දින සීයයේ පරිපාලනය, පැවති රජය ක්‍රියාත්මක කළ ‘චීනයට එරෙහි ප්‍රතිපත්ති’වල බලපෑම්වලින් නිදහස් නොවූ අතර ඊටත් වඩාත් අනතුරුදායක පියවර ගෙන ඇති බව  පෙනෙන්නේ යැයි විශ්ලේෂකයෝ පවසති.

බයිඩන්ගේ මාස තුනකට වැඩි පරිපාලන කාලය තුළදී චීනයට සතුරුකම් කිරීම වැදගත් කොටසක් වූ බව පැහැදිලිය. බයිඩන් රජය, පැවති රජයේ චීන ප්‍රතිපත්තිය උරුම කර ගනිමින් එය සංශෝධනය කර ඇත. උරුම කර ගත්තේ චීනය මර්දනය කිරීමේ උපායමාර්ගික ඉලක්කය හා මයික් පොම්පියෝලා ආරම්භ කළ සංකල්පමය සතුරුකමය. සංශෝධනය කර ඇත්තේ චීනය මර්දනය කිරීමේ ක්‍රම හා ආකාර පමණයි. ‘බහුපාර්ශ්විකවාදය’ යන නාමයෙන් චීනයට පීඩා පමුණුවන සන්ධානයක් ගොඩනැගීමට ඇමරිකාව තැත් කරමින් සිටියි.

එහෙත් චීනයේ සංවර්ධන ඉලක්කය, ජනතාවට වඩාත් හොඳ ජීවිත ලබා දීම මිස ඇමරිකාව අභිබවා යාම නොවේ. චීනයට එරෙහි සතුරු ක්‍රියාවලින් වැළකීම, හදිසි මෙහෙවරක් ලෙස වොෂින්ටනය සැලකිය යුතුය. ඇමරිකාව චීනය සමග සහයෝගිතාව හා යහපත් තරගකාරීත්වයක් පැවැත්වීම පිළිබඳ නිවැරදි මාර්ගයට ආපසු පැමිණිය යුතුය. හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්  Henry Alfred Kissinger මහතා මෑතකදී පැවසූ අන්දමටම, ඇමරිකාව චීනය සේ විශාල භූමි ප්‍රමාණයක් ඇති දැවැන්ත රටක් සමග සහජීවනයෙන් සිටීමට ඉගෙන ගත යුතු ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන