ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ සිදු කළ මානුෂ්‍යවාදී විපත
2021-04-27 19:59:57
Share with:

ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ සිදු කළ මානුෂ්‍යවාදී විපත

ඇමරිකාව හා නෙටෝ සංවිධානය සිය හමුදාවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කිරීම ආරම්භ කර ඇතැයි ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින ඇමරිකානු හමුදා නිලධාරියෙක් මෑතකදී හෙළි කළේය. සැලසුමට අනුව ඔවුන් සැප්තැම්බර් මස 11 වනදාට පෙර එම ඉවත් කිරීම සම්පූර්ණ කිරීමට නියමිතව තිබේ. ‍දශක දෙකක් පුරා පැවති යුද්ධය අවසන් වීමෙන් පසු ඉතුරු වනුයේ විනාශ වී ගිය ඇෆ්ගනිස්ථානයක් පමණය.

වසර 2001, ත්‍රස්තවාදී විරෝධය පිළිබඳ නාමයෙන් ඇෆ්ගනිස්ථානයේ යුද්ධය දියත් ක‍ළ ඇමරිකාව එරටේ කම්පා කරවන මානුෂ්‍යවාදී විපතක් ඇති කළේය. ඇමරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලය නිකුත් කළ සංඛ්‍යාලේඛනයකට අනුව, ගෙවී ගිය වසර 20ක් තුළ ඇෆ්ගනිස්ථාන යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් එක් දහසක් පමණ වන අතර ඒ අතරින් හැත්තෑ එක් දහසක් සිවිල් වැසියෝ වූහ.

මරණය ඕනෑම වේලාවකට සිදු විය හැකි තත්ත්වයට පත් ඇෆ්ගනිස්ථානයේ සමාජ වර්ධනය අඩපණ විය. ආසියානු සංවර්ධන බැංකුවේ සංඛ්‍යාලේඛනයට අනුව සියයට 54.5ක ඇෆ්ගනිස්ථාන ජනතාව දිළිඳු තත්ත්වයක සිටින අතර සියයට 40.1ක ශ්‍රමික ජනගහනයේ දෛනික ආදායම ඇ.ඩො. දෙකකට අඩු වේ.

මේ අතරම ඇමරිකාව යුධ ප්‍රහාරය එල්ල කිරීමේ ප්‍රධානම ඉලක්කය වශයෙන් පැවසෙන තලේබන් සංවිධානය, ඇමරිකාවේ වට ප්‍රහාර තුළින් ශක්තිමත් වී ඇෆ්ගනිස්ථාන රජයට විශාල තර්ජනයක් බවට පත් වී තිබීම අමුතු දෙයකි. තලේබන් සංවිධානය වසර 20කට පෙර ඇමරිකාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමේ කාලයේ සිට   බලවත්ම යුගයක අද පවතින බව ඇමරිකානු රාජ්‍යතන්ත්‍රික සබඳතා සංගමය පිළි ගත්තේය.

ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ දියත් කළ යුද්ධය මුළුමනින්ම අසාර්ථක බව පැහැදිලිය. ‘ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය’ සෙසු රටවලට නොගැලපෙන බව ඉන් පිළිබිඹු වී තිබේ. විදේශයන්හි ආරවුල් තත්ත්වයක් ඇති කිරීම, සෙසු රටවලට මැදිහත් වීම පිළිබඳ ඇමරිකාවේ හැසිරීම්වලින් මතු වූ අයහපත් ප්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය සැලකිය හැකිය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන