සතුට හා සිහින රැගෙන ගමන් කරන "මන්දගාමී දුම්රිය"
2021-04-26 14:50:54
Share with:

මෑතකදී චීනයේ ස්චුවාන් පළාතේ ඌරන් හා බැටළුවන් රැගෙන ධාවනය වන දුම්රියක පින්තූරයක් අන්තර්ජාලයේ සංසරණය වී තිබේ. එම පළාතේ භූසියෝ සිට පන්චහුවා දක්වා දිවෙන දුම්රියේ බැටළුවන් සහ ඌරන් රැළක් දුම්රිය මැදිරි තුළ අන්තරාලය හරහා ගමන් කරන අතර අවට මගීන් ඊට පිළිකුලක් නොදැක්වීම පමණක් නොව, මෙම දර්ශනය දැක සතුටු වෙති.

දුම්රිය නියාමක ලියු වේ මහතා මේ ගැන පැවසුවේ, ඌරන් හා බැටළුවන් වැනි වෙනත් සත්ව කාණ්ඩ දුම්රියට ඇතුළු කළ පසු උන් විශේෂ කරත්තයකට යවන බවයි.

චීනය අධිවේගී දුම්රිය යුගයට මුළුමනින්ම පිවිසී ඇත. මිනිසුන් සහ සතුන් පොදුවේ රැගත් එවැනි මන්දගාමී දුම්රිය තවමත් දිවෙන්නේ ඇයි?

ඇත්ත වශයෙන්ම, මෙය දාලියාංශැන් කඳුකර ප්‍රදේශයේ දිවෙන "දරිද්‍රතාවය පිටුදැකීමේ මන්දගාමී දුම්රියකි". කඳුකර ප්‍රදේශයේ ගමනා ගමනය ඉතා අපහසු විය. එම ප්‍රදේශවල දේශීය නිෂ්පාදිතයන් වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කළ නොහැකි අතර එය එහි ජනතාවගේ ආදායමට බලපෑමක් සිදු කළේය. රෙන් මින් බි 2 හි අවම ගාස්තුවක් සහිත "මන්දගාමී දුම්රිය" මෙම ප්‍රදේශවල වැසියන්ගේ ගමන් සඳහා පහසුකමක් සලසා දී තිබේ. එය  "මන්දගාමී දුම්රිය" පවත්වා ගැනීමේ වැදගත්කමයි.

චීන කොමියුනිස්ට් පක්ෂ‍ මහ ලේකම් ෂී ජින්පිං මහතා පැවසුවේ සුවපහසු සමාජයක් ගොඩනැගීමේදී හා පොදු සමෘද්ධිය කරා යන මාවතේ කිසිවෙකු අත්හැර දැමිය නොහැකි බවයි. චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාවට දුන් ගාම්භීර පොරොන්දුව මෙයයි.

වර්තමානයේ එබඳු “දිළිඳුකම පිටුදැකීමේ දුම්රිය”, ක්‍රමයෙන් “පොහොසත්කම නිර්මාණය කිරීමේ දුම්රිය”බවට පත් වී ඇති අතර එය ගම්බද ප්‍රදේශවල ආර්ථික පුනර්ජීවනය සඳහා උපකාරී වේ.

අධිවේගී දුම්රිය නව යුගයේ චීනයේ සංවර්ධනීය වේගය පෙන්නුම් කරන්නේ නම්, දරිද්‍රතාවය පිටුදැකීමේ මන්දගාමී දුම්රිය ඊටත් වඩා චීන කොමියුනිස්ට් පක්ෂයේ උණුසුම ගෙන එයි. සතුට හා සිහින රැගෙන ගමන් කරන "මන්දගාමී දුම්රිය" මගින් කඳුකර ප්‍රදේශ නගර සමඟ සම්බන්ධ වී ඇති අතර චීන කොමියුනිස්ට් පකෂයේ උණුසුම රටේ සෑම ස්ථානයක්  දක්වා ම පැතිරෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන