‘ඇමරිකා ෆර්ස්ට්’ප්‍රතිපත්තිය, ඉන්දියාවේ වසංගත තත්ත්වය උග්‍ර කරයි
2021-04-26 17:00:41
Share with:

‘ඇමරිකා ෆර්ස්ට්’ප්‍රතිපත්තිය, ඉන්දියාවේ වසංගත තත්ත්වය උග්‍ර කරයි_fororder_71cf3bc79f3df8dc5d146a1a332a1a83461028d0

පසුගිය දින හතර පුරා ඉන්දියාවේ දෛනිකව අලුතෙන් තහවුරු වූ කොරොනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ තුනකට අධික විය. ඖෂධ හා එන්නත් දැඩි හිඟතාවක් ඇත. දේහ පිරී තිබූ මෘත ශරීරාගාර සැබැවින්ම මෙලොවේ අපායක් සේය.

ජගත් පීඩාවට මුහුණ දුන් ඇමරිකාව ඊයේ(25) ප්‍රකාශ කළේ එන්නත් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු වෛද්‍ය භාණ්ඩ ඉන්දියාවට ලබා දෙනු ඇති බවයි. එහෙත් ආධාර පිළිබඳ එම ප්‍රමාද වූ ප්‍රකාශය, ඉන්දීය අන්තර්ජාල භාවිත කරන්නන්ගේ දැඩි චෝදනාවට ලක් විය. ඇමරිකාව ඉන්දියාවට පැනවූ අපනයන තහනම, ඉන්දියාවේ වත්මන් අර්බුද තත්ත්වයට තුඩු දී තිබෙන බව ඔවුහූ සිතූහ.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ඇමරිකාවේ පැවති රජය ‘ඇමරිකා ෆර්ස්ට්’ ප්‍රතිපත්තිය මත එන්නත් අමුද්‍රව්‍ය අපනයන තහනම ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. බයිඩන් රජය එම ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කර ඇත. ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනය අත්හිටුවීමට ආසන්න තත්ත්වයට පත් වීමට එය හේතු විය. ඉන්දියාවේ වසංගතය උග්‍ර වීමෙන් පසු, එම තහනම ඉවත් කරන ලෙසට ඉන්දියාව සිදු කළ ආයාචනය, 22 වනදා ඇමරිකාව විසින් යළිත් උදාසීන ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඉන්දියාවේ වසංගත තත්ත්වය ශීඝ්‍රයෙන් අයහපත් වී ඇත්තේ ඇමරිකාව විසින්‘ඇමරිකා ෆර්ස්ට්’ප්‍රතිපත්තිය ස්ථිර ලෙස ක්‍රියාත්මක කිරීමේදීය. ගෙවී ගිය දින හතර තුළ ඉන්දියාවෙන් වාර්තා වූ අලුත් කොරොනා රෝගීන් සංඛ්‍යාව මිලියන 1.2ක් පමණය. එන්නත් අමුද්‍රව්‍යවලට සාපේක්ෂව, ඍජුවම භාවිත කළ හැකි එන්නත් නම් ඉන්දියාවට අත්‍යවශ්‍යය. එහෙත් ‘ඇමරිකාව ලබා දෙන ආධාරය තුළින්, ඍජුව භාවිත කළ හැකි එන්නත් ඉන්දියාවට ප්‍රවාහනය කිරීම’ පිළිබඳව සඳහන් වී නොමැති බව the Hindu පුවත්පත කණගාටුවෙන් වාර්තා කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන