නර්තනය ජීවිතයේ කොටසක් බවට පත් කර ගත්, චාං ෂියඕෂියඕ
2021-04-25 12:26:10
Share with:

28 හැවිරිදි ඇගේ නම චාං ෂියඕෂියඕ. ඇය හ නන් විශ්ව විද්‍යාලයේ නර්තන විෂය උගන්වන ගුරුවරියක්.

“නැටුමෙන් මා ලද විශාලතම ප්‍රතිඵලය ජීව ශක්තියයි. මම වඩාත් ශක්තිමත් වෙලා, ස්ථිර වෙලා. හිතුවාට වඩා වැඩි ආත්ම විශ්වාසයක් මට ලැබුණා.”

කුඩා කාලයේ සිටම නැටුමට උනන්දුවක් දැක්වූ චාං ෂියඕෂියඕ ලතින් නර්තනයට විශේෂයෙන් දක්ෂයි. ලතින් නර්තනය ගැන ආසියානු කලාපයේ වෘත්තීය තරගයක ඇය හය වැනි ස්ථානය දිනා ගත්තා. බෙයිජිං ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ උපාධිය හා පශ්චාත් උපාධිය සඳහා ඇය ක්‍රීඩා නර්තනය ඉගෙන ගත්තා. විශ්ව විද්‍යාලයේ ගත කළ කාලය තුළදී පන්තියේ බොහෝ සිසුන් නර්තනය සිය වෘත්තීය දිශාව ලෙස තේරීම අත්හැර දැමුවද, චාං ෂියඕෂියඕ තමා ඇලුම් කරන නැටුමෙහි නිරත වීමට තීරණය කළා.

නර්තනය  ජීවිතයේ කොටසක් බවට පත් කර ගත්, චාං ෂියඕෂියඕ_fororder___172.100.100.3_temp_9500051_1_9500051_1_1_70b19500-5e16-4482-96a6-aa1f66642a25

තමා වෘත්තීය නැටුම් ක්‍රීඩිකාවක් හෝ ශිල්පිනියක් හෝ වශයෙන් රාජකාරී කිරීම චාං ෂියඕෂියඕගේ සිහිනයක් වී තිබුණද අවසානයේ ඇය ගුරු සේවයට එක් වුණා. අද සිසුන්ගේ දැඩි ආදරය දිනා ගත් ගුරුවරියක වශයෙන් ඇය සිසුන් සමග සිටින සෑම විනාඩියක් ම අගය කර සිටිනවා. පොදු උත්සාහය මගින් සිසුන්ට ජයග්‍රහණ ලබා දීම ඇගේ නව සිහිනය වී තිබෙනවා.

“මම ඉගෙන ගත් සියල්ලම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වන්න උත්සාහ කරනවා. මගේ නර්තන ජීවිතයේ දීර්ඝ කිරීමක් ලෙස මම මගේ වැඩකටයුතු සලකනවා. මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කවදා හෝ වඩාත් විශාල වේදිකාවක සිට වඩාත් වැඩි  ප්‍රතිඵල ලබා ගන්න හැකි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන