මිය ගිය හදවත් ඇති අයගේ ඇස් වලට ප්‍රතිකාර කළ නොහැක
2021-04-24 20:47:51
Share with:

මිය ගිය හදවත් ඇති අයගේ ඇස් වලට ප්‍රතිකාර කළ නොහැක_fororder_瞎子

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණඩලය චීනයේ ෂින්ජියං හි “ජන සංහාරය” හඳුනා ගැනීම සඳහා ඊනියා යෝජනාව පසුගිය 22වැනිදා සම්මත කළේය. මෙය සත්‍යය නොසලකා හිතාමතාම චීනයට එල්ල කළ ප්‍රහාරයකි. ඇතැම් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ෂින්ජියංහි සංවර්ධනයේ ජයග්‍රහණ දෙස ඇස් පියාගෙන සිටිති.

චීනය යනු බහුජාතීන් එකට වෙසෙන මහා පවුලකි. ෂින්ජියං උයිගුර් ජාතිය ඇතුළු ජාතීන් 56 එකම  මවකගේ දරුවන් 56 දෙනා හා සමාන ය. ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ විවිධ ජාතීන් එක්ව අත්වැල් බැඳ ගෙන පොදුවේ උත්සාහ දැරීමෙන් සුවපහසු සමාජයට පිවිසී ඇත.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ විවිධ ක්ෂේත්‍රවල ඓතිහාසික වර්ධනය සාක්ෂාත් කර තිබේ. ෂින්ජියං හි දළ දේශීය නිෂ්පාදිතය 1952 දී යුවාන් මිලියන 791 සිට 2020 දී යුවාන් බිලියන 1379.76 දක්වා ඉහළ ගොස් තිබේ. නාගරික හා ග්‍රාමීය වැසියන්ගේ ඒක පුද්ගල ආදායම 1978 දී යුවාන් 319 හා යුවාන් 119 සිට 2020 දී යුවාන් 34838 හා යුවාන් 14056 දක්වා ඉහළ ගොස් තිබේ. ගත වූ වසර 40 තුළ එහි උයිගුර් ජාතික ජනගහනය මිලියන 5.5 සිට මිලියන 12.8 දක්වා වර්ධනය වී ඇති අතර සාමාන්‍ය ආයුකාලය අවුරුදු 30 සිට 72 දක්වා වැඩි වී තිබේ.

සත්‍යය ඉදිරියේ මෙම බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු සාමූහිකව ඇස් පියාගෙන සිටින අතර පදනම් විරහිත හා ගොතන ලද ඊනියා වාර්තා මත චීනයට ද්වේෂ සහගත ලෙස අපහාස කර ඇත.

ඇතැම් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු චීනය අපකීර්තියට පත් කිරීමට ප්‍රධාන හේතු තුනක් තිබේ. බටහිර රටවල ඇතැම් දේශපාලනඥයන් වෙනත් රටවල් විවේචනය කිරීමේ පුරුද්ද, චීනයේ සංවර්ධන ශක්තියට බිය වීම සහ ඇමරිකාව මත සමීපව රඳා පැවතීම ඊට ඇතුළත් ය.

නමුත්,මෙම බටහිර දේශපාලනඥයන් චීනය කෙතරම් අපකීර්තියට පත් කළත් චීනය තව තවත් ශක්තිමත් වනු ඇත.

"ඔබේ ඇස්වලට ප්‍රතිකාර කරන්නේ කෙසේද?"යනුවෙන් ඇතැම් බටහිර දේශපාලනඥයින්ගෙන් ඇසිය යුතුය. ඇත්ත වශයෙන්,ඔවුන්ගේ හදවත් මිය ගොස් ඇති බැවින් ඇස්වලට ප්‍රතිකාර කිරීමෙන් ද ඵලක් නොවේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන