එකම චීනය යන මූලධර්මය ප්‍රකෝපකාරී කිරීම යනු ගින්දර සමග ක්‍රීඩා කිරීමකි
2021-04-24 19:03:21
Share with:

ඇමරිකානු කොංග්‍රසයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුව පසුගිය 21 වැනිදා, "2021 උපායමාර්ගික තරඟකාරීත්ව පනත" සම්මත කර තිබේ.

පිටු 200 කට වඩා වැඩි මෙම පනත තුළ, චීනයේ තායිවාන පලාතට හා සම්බන්ධ ඇති කෙටුම්පත් 50 කට වඩා අන්තර්ගතය.

ඇමරිකාව අඛණ්ඩව චීනයේ තායිවාන පලාතට අවි අළෙවි කළ යුතු බවත්, තායිවාන පලාතට ජාත්‍යන්තර සංවිධානවලට එක් වීමට සහාය දිය යුතු බවත්,  මෙම පනත මගින් ප්‍රසිද්ධියේ නිවේදනය කර තිබේ.

එසේම සෙසු රජයන් ලබා දූන් ඊනියා "සමාන සැලකිල්ල", ඇමරිකා පාර්ශ්වය චීනයේ තායිවාන පලාතට  ලබා දිය යුතු බව එහි සඳහන් වෙයි.

බොහෝ විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ, ඇමරිකානු කොංග්‍රසයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ චීනයේ තායිවාන පලාත සමඟ "හවුල්කාරීත්වය" ශක්තිමත් කිරීම යන ඊනියා ප්‍රකාශය, ඇත්ත වශයෙන්ම චීනයේ තායිවාන පලාත චෙස් ඉත්තෙක් ලෙස භාවිත කරනු ඇති බවයි. 

ලෝකයේ ඇත්තේ එකම චීනයක් පමණි. එකම චීනය යන මූලධර්මය ජාත්‍යන්තර සබඳතාවල විශ්වීය පිළිගත් සම්මතයක් වන අතර, මෙය චීනයේ රතු සීමාවය.

තායිවාන ප්‍රශ්නය චීනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවට අදාළය. චීන-ඇමරිකා සබඳතාවල වැදගත්ම හා සංවේදී කාරණය මෙයයි.

තායිවාන පලාත පිළිබද ප්‍රශ්නය පිළිබඳව, මෙම රතු රේඛාව තරණය කිරීමට එඩිතර වන ඕනෑම කෙනෙකුට චීනයෙන් දැඩි ප්‍රති ප්‍රහාරලැබෙනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන