ඇෆ්ගනිස්ථානයේ ස්වාධිපත්‍යයට සැබවින්ම ගරු කර ඇත්ද?
2021-04-23 16:40:38
Share with:

ඇෆ්ගනිස්ථානයේ ස්වාධිපත්‍යයට සැබවින්ම ගරු කර ඇත්ද?_fororder_3ca4d9e1b13a4d1b9a564bb0826a99f9

“ඇෆ්ගනිස්ථානයේ ස්වාධිපත්‍යයට ගරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” යනුවෙන් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රකාශක John Kirby පසුගියදා මාධ්‍ය හමුවකදී පැවසීය.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ එම ප්‍රකාශය කාගේත් පුදුමයට ලක් වේ.

ඇමරිකානු රජය සහ එරට හමුදාව වසර ගණනාවක් තිස්සේ ඇෆ්ගනිස්ථානයේදී කර ඇති දේ සිහිපත් කිරීමේදී ඔහුට එය අමතක වී ඇති බව අපට පෙනේ.

2001 දී ඇමරිකානු බුෂ් පරිපාලනය ත්‍රස්ත-විරෝධී නාමයෙන් ඇෆ්ගනිස්ථානයේ යුද්ධයක් ආරම්භ කළේය. ඇමරිකානු ජනාධිපති Joe Biden ප්‍රකාශ කළේ 2021 වසරේ දී සැප්තැම්බර් 11 ට පෙර ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදා ඉවත් කරන බවයි. පසුගිය වසර 20 තුළ ඇමරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදා ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකය හා සමාජය බිඳ දමමින් ජනතාවගේ ජීවිත වඩාත් වේදනාකාරී බවට පත් කොට තිබේ. සැබවින්ම ඇමරිකාව අන්තර්ජාතික ත‍්‍රස්තවාදී වර්ධනීය පරිසරය මුළුමනින්ම තුරන් කර නැත. එපමණක් නොව ඇමරිකාව ඇෆ්ගනිස්ථානය වඩාත් කැලඹිලි සහ අවුල් සහගත තත්වයකට පත් කර ඇත. ඇෆ්ගනිස්ථානයේ අනාගතය පිළිබඳව ජාත්‍යන්තර ප‍්‍රජාව වඩාත් කලබලයට පත්ව ඇත්තේ එබැවිනි.

අසම්පූර්ණ සංඛ්‍යාලේඛනවලට අනුව, ඇෆ්ගනිස්ථාන යුද්ධ සිදු වීමෙන් පසු එහි සාමාන්‍ය වැසියන් 90000 කට වැඩි පිරිසක් යුද්ධයෙන් මිය ගොස් හෝ තුවාල වී ඇති අතර මිලියන 11 ක් පමණ සරණාගතයින් බවට පත්ව ඇත. කාබුල් විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව ඇෆ්ගනිස්ථානයේ යුද්ධයෙන් දිනකට  ඇමරිකානු ඩොලර් මිලියන 60 ක ආර්ථික අලාභයක් සිදුවිය. ඊටත් වඩා භයානක දේ නම් ඇමරිකා හමුදාව ඇෆ්ගනිස්ථානයේ අඛණ්ඩව සිවිල් වැසියන් ඝාතනය කිරීම ය.

දැන් ඇමරිකාව “වෙනත් රටවල ස්වාධිපත්‍යයට හා භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම” යනුවෙන් කතා කරයි. ඒ ඇෆ්ගනිස්ථානයේ වසර 20 ක යුධමය විනාශයෙන් පසුව ය. මෙවැනි“ගෞරව කිරීම” විහිළුවක් නොවේ ද  ?

තම බලවත් ආර්ථික හා යුධ බලය මත රඳා සිටින ඇමරිකාව තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කර ඇති  අතර, අඛණ්ඩව ගැටුම් හා යුද්ධ අවුළුවා ඇත.

වර්තමානයේ බොහෝ රටවල් ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා සක්‍රීයව ප්‍රවර්ධනය කරමින් සිටී. ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය දේශපාලන මාර්ගයෙන් විසඳීම චීනයේ ස්ථීර ස්ථාවරයයි. ඇෆ්ගනිස්ථානයේ සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය හැකි ඉක්මනින් සාක්ෂාත් කර ගැනීමට ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී.

විවිධ පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ උත්සාහයෙන් ඇෆ්ගනිස්ථානයේ ස්වාධිපත්‍යයට සැබවින්ම ගරුකිරීම සිදුකළ යුතු අතර ඇෆ්ගනිස්ථාන ජනතාවට දීප්තිමත් අනාගතයක්  ලබා ගැනීමට හැකි බවට  අපේකෂා කෙරේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන