දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීම භූ දේශපාලනයේ කේවල් කිරීමක් ‍නොවේ
2021-04-23 21:11:36
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (22) වීඩි‍යෝ ආකාරයෙන් දේශගුණික නායක සමුළුවට එක් වෙමින් මානව ජීවිත හා සොබා දහම එක්තැන් කරන ‍පොදු හවුල ගොඩ නැගීමේ යෝජනාව ඉදිරිපත් කළේ ය. එම යෝජනාව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය මූලධර්ම හා විධිවිධාන ද හෙතෙම එහිදී පහදා දුන්නේ ය.

දේශගුණ විපර්යාස තුළින් මතු වූ ගැටළුවලට සමස්ත ලෝකය මුහුණ දී සිටී. 2020 වසරේ ගං වතුර, නියඟය හා කුණාටු ඇතුළු ස්වාභාවික විපත් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත් වූ බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පසුගිය දා නිකුත් කළ වාර්තාවකින් හෙළිවිය. මෙවන් පසුබිමක් යටතේ දේශගුණික නායක සමුළුව පැවැත්වීමෙන් සියලු රටවල් අපේක්ෂා කරන්නේ දේශගුණ විපර්යාසයන්ට පොදු විසඳුම් ලබා දීමටයි. එම සමුළුවේදී චීනය සිය සැලැස්ම පැහැදිලි කර තිබේ. එමගින් වගකීම් සහගත බලවතෙක් වශයෙන් චීනය පරිසර සංරක්ෂණය හා දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීම වෙනුවෙන් තිබෙන අධිෂ්ඨානය පෙන්නුම් කර ඇත. එය ජගත් ප්‍රජාව දේශගුණ විපර්යාස ප්‍රශ්නයට මුහුණ දීමේ විශ්වාසය ද ශක්තිමත් කර තිබේ.

ගෙවී ගිය වසර කිහිපයේ ගෝලීය වශයෙන් දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේදී ගැටළු රැසක් මතු වී ඇත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තම වගකීම් ප්‍රතික්ෂේප කිරීම ඊට හේතු වී තිබේ. ඊයේ පැවති දේශගුණික නායක සමුළුවේදී චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීම භූ දේශපාලනයේ කේවල් කිරීමක් නොවන බවයි.දේශගුණ විපර්යාසයන් හමුවේ ජගත් ප්‍රජාව එකිනෙකට චෝදනා කිරීම වෙනුවට ඇත්වැල් බැඳගෙන සිටිය යුතු බවත්, පොරොන්දු කඩ කිරීම වෙනුවට පො‍රොන්දු ඉටු කළ යුතු බවත්, කෙටිකාලීන ව වෙනු‍වට දිගුකාලීන ව කටයුතු කළ යුතු බවත්, චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.       

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන