ඇමරිකාවේ සුළුතර ජාතීන් අපේක්ෂා කරන යුක්තිය තවත් බොහෝ දුරය
2021-04-22 12:35:41
Share with:

ඇමරිකාවේ සුළුතර ජාතීන් අපේක්ෂා කරන යුක්තිය  තවත් බොහෝ දුරය_fororder_QQ图片20210422123056

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු වන Derek Chauvin විසින් George Floyd නමැති අප්‍රිකානු තරුණයා ඝාතනය කිරීම පිළිබඳ නඩුව සති තුනකට ආසන්න කාලයක්  විභාග කිරීමෙන් පසුව, ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ හෙනපින් කෝරළයේ අධිකරණය පසුගිය 20වැනිදා තීන්දුවක් ලබා දුන්නේය. Derek Chauvinට එරෙහි චෝදනා තුනටම ඔහු වැරදිකරු විය.

මෙම නඩුව සම්බන්ධයෙන් පොලිසියට මෙවැනි දඬුවමක් ලැබිය යුතුය. පසුව ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා කියා සිටියේ, වර්ගවාදයට එරෙහි ක්‍රමානුකූල සටනේදී මෙම තීන්දුව ඇමරිකාවට “විශාල ප්‍රගතියක්”බවයි. නමුත් බොහෝ දෙනා අදහස් කරන්නේ, මෙම නඩු විභාගයට අනුව Derek Chauvinට තමාගේ අපරාධවලට වගකිව යුතු නමුත් George Floyd වෙනුවෙන් සාධාරණය ඉටු නොවූ බවයි. වර්ණ භේදය අනුව මිනිසුන්ට එරෙහි ක්‍රමානුකූල වාර්ගික අසාධාරණකම් සහ පොලිස් ප්‍රචණ්ඩත්වය වැනි මානව හිමිකම් උල්ලංඝනවල මූලයන් ඉවත් කිරීමෙන් පමණක් සැබෑ යුක්තිය ඉටුකළ හැකි බව ඇමරිකානු දේශපාලනඥයෙකු වන  Bernie Sanders මහතා  පෙන්වා දුන්නේය.

වසර 400 ක් තිස්සේ කළු ඇමරිකානුවන් අපකීර්තියට පත්ව ඇත. මෙම ගැඹුරු අගතිගාමී හැඟීම ඇමරිකාවේ වර්ගවාදයේ විස්තීර්ණ, ක්‍රමානුකූල හා අඛණ්ඩ පැවැත්මට ප්‍රබල හේතුවකි. නිසැකවම, එය නඩු විභාගයකදී ඉවත් විය හැක. ඇමරිකාවේ සුළුතර ජාතීන් අපේක්ෂා කරන යුක්තිය  තවත් බොහෝ දුරය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන