එක් තීරයක් එක් මාවතක් යනු පොදු මාවතක් මිස පෞද්ගලික මාර්ගයක් නොවේ
2021-04-21 19:47:04
Share with:

" එක් තීරයක් එක් මාවතක් යනු සෑම කෙනෙකුටම අත්වැල් බැඳගෙන ඉදිරියට යා හැකි දිවා මාවතක්. එය එක් පාර්ශ්වයක පෞද්ගලික මාර්ගයක් නොවේ. "යනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (20) බෝ ආඕ ආසියානු සාකච්ඡා සභාවේ වාර්ෂික සමුළුවේ ආරම්භක උත්සවය අමතමින් කියා සිටියේ ය. හෙතෙම අපූරු උපමාවකින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ ස්වභාවය පහදා දී තිබේ.

චීනය ලෝකය වෙනුවෙන් මෙම දිවා මාවත ඉදි කර ඇත්තේ ඇයි ? ඒ, විවිධ රටවල් වත්මන් අභියෝගවලට මුහුණ දීමටත් වඩාත් සුන්දර අනාගතයක් සඳහා ශක්තියක් ලබා දීමටත් එක් තීරයක් එක් මාවතක් යන මෙම දිවා මාවත ඉවහල් වන හෙයිනි.

එක් තීරයක් එක් මාවතක් ඉදි කර වසර 7ක් ගත වී ඇත. එය මානවයා එවන් සුන්දර අනාගතයකට තවත් ළං වීමට තල්ලු කරමින් පවතී.

මානවයා කොරොනා වසංගතය සමග සටන් කරමින් සි‍ටින වත්මන් කාලයේ එක් තීරයක් එක් මාවතක් හරහා වසංගත මර්දන මාර්ගයක් ඉදි කර ඇත. එම මාර්ගය ඔස්සේ චීනයේ නිෂ්පාදිත එන්නත් විවිධ රටවලට ලබාදී  තිබේ.  එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ වසංගත රෝග පාලනය, මහජන සෞඛ්‍යය හා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ඇතුළු ක්ෂේත්‍රවල සෙසු රටවල් සමග සහයෝගිතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බව චීනය ප්‍රකාශ කර ඇත.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඊට අදාළ රටවල ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් ප්‍රබල පිටුබලයක් ලබා දී තිබේ.2020 වසරේ ‍‍කොරොනා වසංගතය හේතුවෙන් ගෝලීය වෙළඳාම හා ආයෝජනය පසුගාමී තත්ත්වයේ පසු වුව ද චීනය හා එක් තීරයක් එක් මාවතක් රටවල් සමග පැවති වෙ‍ළඳාම හා ආයෝජනය වර්ධනය විය. 2020 වසරේ චීනය හා එම රටවල් අතර භාණ්ඩ වෙළඳ පරිමාව 2019 වසරට වඩා 0.7%කින් වර්ධනය වූ බව සංඛ්‍යා ලේඛනවලින්‍ හෙළි වේ. එපමණක් නොව, 2030 වසර වන විට එක් තීරයක් එක් මාවතක් මගින් ලෝකයේ 76 ලක්ෂයක පිරිසක් අන්ත දිළිඳුකමින් ද මිලියන 32ක පිරිසක් මධ්‍යස්ථ දිළිඳුකමින් ද මුදා ගැනෙනු ඇතැයි ලෝක බැංකු වාර්තා සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන