පැරණි ග්‍රන්ථ යළි සකසන ‘වෛද්‍යවරියක්’
2021-04-19 10:17:47
Share with:

පැරණි ග්‍රන්ථ යළි සකසන ‘වෛද්‍යවරියක්’_fororder_0a4477d66259ba5ea763cd69a6553883

බෙයිජිං අගනුවර ‍පුස්තකාලයේ විශේෂ සේවක මණ්ඩලයක් සිටිනවා. ඔවුන් පුරාණ ග්‍රන්ථ සංරක්ෂණය කරන ශිල්පීන්. ඔවුන් වෛද්‍යවරුන් වගේ, පුරාණ ග්‍රන්ථ සුරැකුමට සම්බන්ධ ගැටළු හඳුනා ගෙන ඊට විසඳුම් සොයා දෙනවා.

කාර්ය බහුල ලෝකය හා හත්පසින්ම වෙනස් වන පරිසරයක, 26 හැවිරිදි ලියු ලියු රාජකාරී කරනවා. ඇය කහ පාටැති පැරණි ග්‍රන්ථයක පිටුවක් පරීක්ෂාකාරීව විවෘත කළා. ඒ ඇතුළේ, තල ඇට වගේ කුඩා සිදුරු පිරී තිබෙනවා. ඉතා අධික ඉවසිල්ලෙන් එවැනි ඉපැරණි ග්‍රන්ථවලට සැත්කම් සිදු කිරීම ලියු ලියු හා ඇගේ වැඩ සගයන්ගේ එදිනෙදා රාජකාරී වැඩකටයුතුයි.

ලියු ලියු විස්තර කළ අන්දමට, ‘පැරණි ග්‍රන්ථ වෛද්‍යවරයෙක්’ වෙන්න කැමති නම්, අවශ්‍යම දේ තමයි ඉසවීම, අධිෂ්ඨානය හා ස්ථිරබව. එක ග්‍රන්ථයක් අලුත්වැඩියා කිරීමට සති කීපයක් නැත්තම් මාස කීපයක් අවශ්‍ය වෙන අවස්ථා තිබෙනවා.

චීනයේ පැරණි ග්‍රන්ථ අලුත්වැඩියා කිරීමේ ශිල්පයේ මූලධර්මය, පැරණි ග්‍රන්ථයේ මූලිකම පෙනුම, පැරණිබව එසේම තබා ගෙන අවම වශයෙන් වෙනස් කිරීමයි. ඒ අනුව කඩදාසි කැඩුණොත්, කඩදාසි අලුත්වැඩියා කෙරෙනවා. අකුරු නැති වුණොත්, එසේම ඒ තත්ත්වයට සකස් කෙරෙනවා. එහෙත් ග්‍රන්ථ අලුත්වැඩියා කිරීම නම්, එවැනි වැඩවලට පමණක් සීමා වෙන්නේ නෑ. ඒ ඒ පැරණි ග්‍රන්ථවල තත්ත්වයන්ට අනුව වෙනස් අලුත්වැඩියා කිරීමේ සැලැස්ම් සම්පාදනය කරන්න ඕන. මේ සඳහා බොහෝ විෂයික දැනුම අවශ්‍ය වෙනවා.

ඉතිහාසය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම හා ප්‍රචලිත කිරීමත් සමගම දැන් එන්න එන්න වැඩි චීන තරුණ පරපුර ලියු ලියු වගේ පැරණි සංස්කෘතික සුරැකුමට සැලකිල්ල දක්වන්න පටන් ගත්තා. කෙතරම් දුරස්ථ අතීතය දැකිය හැකි නම්, එතරම් දුරස්ථ අනාගතයකුත් දැකිය හැකි බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අදහස්  දක්වා තිබෙනවා. ඔහුගේ උපදෙස් යටතේ, ජනතාවගේ සැලකිල්ල ඇතිව චීන ජාතික සංස්කෘතික නිධානයන් දිගින් දිගටම උරුම කර ගන්න පුළුවන් කියා විශ්වාස කෙරෙනවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන