බෝ ආඕ ආසියා සාකච්ඡා සභාවට තෙවතාවක් එක් වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ‘චීන අවස්ථා’ පහදා දෙයි
2021-04-19 10:50:40
Share with:

බෝ ආඕ ආසියා සාකච්ඡා සභාවට තෙවතාවක් එක් වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ‘චීන අවස්ථා’ පහදා දෙයි_fororder_6d755a50bae84f80824f003a009d41b7

බෝ ආඕ ආසියා සාකච්ඡා සභාවේ 2021 වාර්ෂික සමුළුව ඇරඹිණ. මෑත වසරවලදී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා තෙවරක් බෝ ආඕ නගරයට පැමිණ දේශන, ව්‍යවසායකයින් සමඟ රැස්වීම් යනාදිය හරහා ආසියාවේ සහ ලෝකයේ සංවර්ධනය සඳහා චීනයේ යෝජනා ඉදිරිපත් කර ඇත. චීනයේ සංවර්ධනය ලොවට හඳුන්වා දී, නව යුගයේ දී චීනය ආසියාවට හා ලෝකයට ගෙනෙන විශාල අවස්ථාවන් හෙතෙම පැහැදිලි කර තිබේ.

ෂී ජින් පිං මහතා බෝ ආඕ හි පැවැත්වූ දේශන තුළ යොදා ගත් ප්‍රධාන වචනයක් වන ‘විවෘතභාවය’ බාහිර ලෝකයේ අවාධනයට ලක් වී ඇත. සංඛ්‍යාලේඛනවලට අනුව, බෝ ආඕ හි පළ කළ තේමා දේශන තුනේ දී ජනාධිපති ෂී ජින් පිං මහතා 56 වතාවක් ‘විවෘතභාවය’ සඳහන් කළේය. 2013 වාර්ෂික සමුළුමේදී ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවයේ දැඩි ලෙස නියැළී සිටින බවයි. 2015 වාර්ෂික සමුළුමේදී ෂී ජින් පිං මහතා ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය වඩාත් දැඩි ලෙස ගැඹුරු කිරීමේ ප්‍රතිඥාව ප්‍රකාශ කළේය. 2018 වසරේදී, චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයේ 40 වන සංවත්සරය නිමිත්තෙන්, ෂී ජින් පිං මහතා චීනයේ විවෘතභාවය පිළිබඳ පියවර මාලාවක්  ප්‍රකාශ කළේය.

මෙම වසර බෝ ආඕ ආසියා සාකච්ඡා සභාව පිහිටුවීමේ 20 වන සංවත්සරයයි. චීනය නව සංවර්ධන රටාවකට පිවිසෙන 14 වන පස් අවුරුදු සැලැස්ම ආරම්භ කිරීමෙන් පසු ආසියාවේ හා ලෝකයේ සංවර්ධනය සඳහා චීනය ගෙන එන නව අවස්ථා කවරේ ද යන්න බාහිර අවධානයට ලක් වී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන