ආසියානු ආර්ථිකයට ශක්තියක් වන බෝආඕ ආසියානු සාකච්ඡා සභාව
2021-04-19 19:57:38
Share with:

18වැනි දා ආරම්භ වූ බෝආඕ සාකච්ඡා සභාවේ වාර්ෂික සමුළුව මේ වසරේ ලෝකයේ පැවැත්වෙන පළමු මාර්ගගත නොවන විශාල පරිමාණ ජාත්‍යන්තර සමුළුව ය. ලෝකයේ රටවල් හා ප්‍රදේශ 60ක පමණ ‍නියෝජිතයෝ 2600කට වැඩි පිරිසක් ඊට එක් ව සිටිති. දකුණු චීනයේ හයි නැන් පළාතේ පිහිටි බෝආඕ, කුඩා කෝරළයක් වුව ද බෝආඕ සාකච්ඡා සභාව වාර්ෂික ව මෙහි පැවැත්වෙන නිසා එය ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්ව ඇත. බෝආඕ සාකච්ඡා සභාව ස්ථාපිත කර ගත වූ වසර 20 තුළ ආසියාවට ජගත් ප්‍රජාවේ හිමි වන ස්ථානය දිනෙන් දින ඉහළ ගොස් ඇති ආකාරය වෙනුවෙන් සාක්ෂි දරා තිබේ.

පසුගිය 90 දශකයේ ලෝක‍ ආර්ථිකය තුළ ආසියාවට හිමි වූයේ 30%කට අඩු ප්‍රමාණයකි. එහෙත් 2019 වසර වන විට එම ප්‍රමාණය 41% දක්වා වර්ධනය විය. ආර්ථික වර්ධනයත් සමග ආසියාවේ ගෝලීය බලපෑම් ද නොකඩවාම වැඩි වෙමින් පවතී. මෙවන් පසුබිමක් යටතේ බෝආඕ ආසියානු සාකච්ඡා සභාව කෙරේ ලෝකය තව තවත් අවධානය යොමු කර තිබේ.

ඵලදායී වසංගත පාලනය හේතුවෙන් බොහෝ ආසියානු රටවල් ක්‍රමයෙන් සිය ආර්ථිකය පුරුත්ථාපනය කරමින් සිටී. බෝආඕ ආසියානු සාකච්ඡා සභාවේ පළමු දිනයේ නිකුත් කෙරුණු වාර්තාවකින් හෙළි වූයේ 2021 වසරේ ආසියානු ආර්ථික වර්ධනය 6.5%කට වැඩි වනු ඇති බවයි. මෙවර සාකච්ඡා සභාව මාර්ගගත නොවන ආකාරයට පැවැත්වීම තුළින් ලෝකයට ඉතා ධනාත්මක සංඥාවක් නිකුත් කෙරේ. බෝආඕ සාකච්ඡා සභාව මගින් නව සහයෝගිතා අවස්ථා සොයා ගැනීමට බොහෝ රටවල් බලාපොරොත්තුවෙන් සිටී. ගත වූ වසර 20 තුළ ජාත්‍යන්තර වේදිකාවේ ආසියාවට හිමි ස්ථානය අඛණ්ඩව වර්ධනය කිරීමට චීනය දායක වී ඇත. චීන ආර්ථිකය සීග්‍රයෙන් වර්ධනය වී ආසියානු සංවර්ධනයේ වැදගත් ගාමක බලයක් බවට පත් ව තිබේ. පශ්චාත් වසංගත යුගයේ වුව ද ආසියාවේ ප්‍රකෘතියේ කේන්ද්‍රස්ථානය වන්නේ ද චීනයයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන