සමහර ජපන් දේශපාලනඥයන්ගේ නින්දිත ස්වභාවය සැබවින්ම වෙනස් කළ නොහැකිද?
2021-04-18 15:20:08
Share with:

සමහර ජපන් දේශපාලනඥයන්ගේ නින්දිත ස්වභාවය සැබවින්ම වෙනස් කළ නොහැකිද?_fororder_QQ图片20210418151837

16 වන දින ඇමරිකා ජපාන නායක සමුළුව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළේය. චීන අභියෝගය හමුවේ ඒකාබද්ධව කටයුතු කිරීම එහි  තේමාව වෙයි. නැගෙනහිර චීන මුහුද, දකුණු චීන මුහුද, තායිවානය, හොංකොං, ෂින්ජියං යනාදී චීනයේ ස්වෛරීභාවය හා මූලික අවශ්‍යතා සම්බන්ධ මෙම කරුණු ඒකාබද්ධ ප්‍රකාශයෙහි සඳහන් කර තිබේ. ජපානය ඇමරිකාවේ සේවකයා සහ ඉත්තෙකු බව එයින් ජනතාවට හැඟී යයි. ජපානයේ " Nikke" පුවත්පත ලිපියක් පළ කරමින් සඳහන් කර ඇත්තේ, ඇමරිකාව විසින් ජපානය භාවිතා කර ඇති බව  මෙම සිද්ධියෙන් පෙන්නුම් කෙරෙන බවයි .

පෙර සාකච්ඡාවල පදනම මත, ඇමරිකා ජපාන නායකයින්ගේ මෙම ඒකාබද්ධ ප්‍රකාශයට පළමු වරට තායිවාන් ප්‍රශ්නය ඇතුළත් වේ. මෙයින් පෙනී යන්නේ ජපානය විවෘතව චීන ජපන් සබඳතා තහනම් කලාපයට අවතීර්ණ වී අතිශය භයානක පියවරක් ගෙන ඇති බවයි. ජපානය චීනය ආක්‍රමණය කිරීමේ ඉතිහාසය සහ තායිවානයේ යටත් විජිත ඉතිහාසය දෙස බලන විට මෙම පියවර අනාගත චීන ජපන්

සබඳතාවලට අයහපත් බලපෑමක් ඇති කරනු ඇත.

තමන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා චීනය පාලනය කිරීමට ඇමරිකාවේ උපාය මාර්ගය භාවිතා කිරීම ජපාන දේශපාලනඥයින්ගේ මුලපිරීමයි. වසංගතයට එරෙහි යොෂිහයිඩ් සුගාගේ කැබිනට් මණ්ඩලයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් ජපානය වසංගතයේ සිව්වන රැල්ලට මුහුණ දී සිටී. ඒ අතරම, 2020 දී ජපානයේ ආර්ථික වර්ධනය ඍණ 4.83% දක්වා පහත වැටී තිබේ. වසංගතයට හා ආර්ථිකයට එරෙහි සටනේ ද්විත්ව අසාර්ථකත්වය නිසා යොෂිහයිඩ් සුගාගේ කැබිනට් මණ්ඩලයට සැප්තැම්බර් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ධුරයට සහයෝගය ලබා ගැනීම සඳහා දේශීය ගැටුම් වෙනතකට හැරවීමට හදිසි අවස්ථාවක් අවශ්‍ය විය.

කෙසේ වෙතත්, තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන බව ජපාන දේශපාලනඥයින්ට පැහැදිලි විය යුතුය. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයට අභියෝග කිරීම සඳහා ජපානය ඇමරිකාව සමඟ අත්වැල් බැඳගන්නේ නම්, එය දැඩි ප්‍රචාරයක් වනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන