චීනයේ හොංකොංට අදාළ ව ඇමරිකාව නිකුත් කළ නිවේදනය හාස්‍යජනක ය
2021-04-18 16:06:04
Share with:

චීනයේ හොංකොංට අදාළ ව ඇමරිකාව නිකුත් කළ නිවේදනය හාස්‍යජනක ය_fororder_rBABDGB7KRiAMStFAAAAAAAAAAA923.900x620

ඉකුත් 16වැනි දා, ඇමරිකාව නිවේදනයක් නිකුත් කළේ ය. එය මීට පෙර, චීන-විරෝධීව හැසිරුණු හා හොංකොංට බාධා කළ පුද්ගලයින් රැසකට එරෙහිව, චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ අධිකරණයක් ලබාදුන් යුක්ති සහගත නඩු තීන්දුව කඩාකප්පල් කිරීමකි. එමෙන් ම යුක්ති සහගත නොවන පරිදි, එවැනි අපරාධකරුවන් නිදහස් කරන ලෙස ඇමරිකාව චීනයෙන් ඉල්ලා තිබේ. එදින, හොංකොං අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ, ඇමරිකාවේ එම ඉල්ලීම ජාත්‍යන්තර නීතිය ඍජු ලෙස උල්ලංඝණය කිරීමක් බවයි. එය තරයේ ම නීතිය පාගා දැමීමක් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.Li Zhiyingලා ‘ විදේශීය බලවේගයන් සම්බන්ධ කර ගනිමින් සිය රටේ ජාතිකාරක්ෂාවට බාධා කිරීම ’ යන අපරාධය සනාථ වීමක් පමණක් නොව, ඇමරිකාව විසින් අඛණ්ඩ ව හා ඉතා ඍජුව ජාත්‍යන්තර නීතිය කඩා දැමීමක් මෙන් ම, සිය මතයට අනුව චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් ද වන බව, ඇමරිකාව විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයෙන් පිළිබිඹු කෙරේ.පසුගිය වසරේ, චීන මධ්‍යම රජය හොංකොං හි ජාතික ආරක්ෂක නීතිය එළි දැක්වීය. හොංකොං හි මැතිවරණ ක්‍රමය වැඩිදියුණු කිරීම පිළිබඳ තීරණය මෙම වසරේ සම්මත කෙරිණ. මේ සමග ම, හොංකොං හි සමාජ පටිපාටිය යථා තත්ත්වයට පත් වී ඇත. ‘ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ’ යනු සමස්ත මානවයාගේ පොදු වටිනාකමයි. ඇත්ත වශයෙන් ම, ලෝකයේ බහුතර රටවල් ඇමරිකානු වටිනාකම ජාත්‍යන්තර වටිනාකම ලෙසට සැලකිල්ලට නොගනී. ඇමරිකානු රෙගුලාසි ජාත්‍යන්තර රෙගුලාසි ලෙසට පොදු පිළි ගැනීමට ලක් නොකෙරෙන බව ද අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන