ප්‍රධාන ආර්ථිකයන්ට නායකත්වය දීම තුළින් චීන ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත්වනු ඇති බවට අපේක්ෂා
2021-04-17 15:46:46
Share with:

ප්‍රධාන ආර්ථිකයන්ට නායකත්වය දීම තුළින් චීන ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත්වනු ඇති බවට අපේක්ෂා_fororder_QQ图片20210417154623

ප්‍රධාන ආර්ථිකයන්ට නායකත්වය දීම දිගටම කරගෙන යාමෙන් චීන ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ

ඊයේ (16) නිකුත් කෙරුණු නිල දත්ත වලට අනුව මේ වසරේ මුල් කාර්තුවේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් බිලියන 24931 ක් විය.එය පසුගිය වසරේ සමාන කාලයට වඩා  18.3%ක වර්ධනයකි. මෙය මේ වසරේ චීනයේ ආර්ථිකයට හොඳ ආරම්භයක් බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයේම වර්ධනය පහත වැටීමෙන් පසුවද, චීනයේ ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත්වී ඇති අතර, ශක්තිමත් ප්‍රතිරෝධයක් පෙන්නුම් කරමින් සහ ප්‍රධාන ආර්ථිකයන්ට අඛණ්ඩව නායකත්වය ලබා දී තිබේ.

දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත වලට අමතරව අනෙකුත් ප්‍රධාන ආර්ථික දර්ශකයන් කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. ඒවා සියල්ලම ද්වි-සංඛ්‍යාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. ඒවා අතර චීනයේ පරිභෝජන කාර්යසාධනය විශේෂයෙන් අවධානයට ලක් වෙයි. මේ වසරේ මාර්තු මාසයේදී චීනයේ සමස්ත සිල්ලර වෙළඳාම 34.2% කින් ඉහළ ගොස් ඇති අතර එය රොයිටර් ආයතනය විසින් කලින් කරන ලද සමීක්ෂණයේ 28%ක පුරෝකථනය ඉක්මවා ගියේය. දේශීය ඉල්ලුම පුළුල් කිරීම සහ පරිභෝජන ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා චීන රජයේ අඛණ්ඩ උත්සාහයන්, පදිංචිකරුවන්ගේ ආදායම යථා තත්ත්වයට පත් කිරීම, පරිභෝජන පරිසරය අඛණ්ඩව යහපත් කිරීම සහ පදිංචිකරුවන් වැඩි දියුණු කිරීම සඳහා ගෙන එන පරිභෝජන ධාරිතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම වැනි ක්‍රියාදාමයන්ට සම්බන්ධ වේ.

චීනය ලෝකයේ විශාලතම පාරිභෝගික භාණ්ඩ සිල්ලර වෙළඳපොල බවට පත්වීමට ආසන්නයි. එහි අනපේක්ෂිත ප්‍රකෘතිය, විශේෂයෙන් බහුජාතික සමාගම්වලින් ආනයන හා ආයෝජන සඳහා ඇති ඉල්ලුම නිසැකවම ගෝලීය ආර්ථික ප්‍රකෘතියට විශාල වාසියකි.

නවෝත්පාදනය සෑම විටම චීන ආර්ථිකයේ ප්‍රධාන ආකර්ෂණයකි . එය බොහෝ බහුජාතික සමාගම් චීනය තෝරා ගැනීමට තවත් හේතුවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නවතම ආර්ථික පුරෝකථන වාර්තාවේ මේ වසරේ චීනයේ ආර්ථික වර්ධනය පිළිබඳ පුරෝකථනය, පෙර පැවති  8.1% සිට 8.4% දක්වා ඉහළ නංවා තිබේ.

චීනයේ ආර්ථික සංවර්ධනයේ වර්තමාන තත්ත්වයන් විශ්ලේෂණය කිරීම මත පදනම්ව, ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත් කළ හැකි වීමේ රහසක් නැත. එමගින් ගෝලීය ආර්ථික ප්‍රකෘතිය වඩාත් ධනාත්මක ශක්තියක් ලබා ගනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන