ඇමරිකාව කළ දේ හා නොකළ යුතු දේ
2021-04-16 14:40:34
Share with:

ලොව ප්‍රබලතම රට වශයෙන් ඇමරිකාව සෙසු රටවල කටයුතුවලට මැදිහත් වීමේ ප්‍රතිපත්තිය අනුගමනය කර ඇත්තේ බොහෝ කලක සිට බව නොරහසකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ගත වූ වසර 70 තුළ සිය ගෝලීය ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ඇමරිකාව එම ප්‍රතිපත්තිය නොකඩවාම අනුගමනය කරන බව ඇමරිකාවේ Harvard විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Joseph Nye පවසා තිබේ.

මානව හිමිකම් ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියේ කේන්ද්‍රය බව බයිඩන් රජය බලයට පැමිණීමෙන් පසු බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව රුසියානු විදේශ අමාත්‍යාංශය මෑතදී කියා සිටියේ, මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමරිකාව සිදු කර ඇත‍්තේ ගෝලීය මානව හිමිකම් උල්ලංඝන බවයි. ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලයිබීරියාව,ඉරානය, කියුබාව හා වෙනිසියුලාව ඇතුළු රටවල සිය ආධිපත්‍යය පතුරුවමින් ඇමරිකාව සිදු කළ ක්‍රියාවන් ‍‍ලෝකය වඩාත් කැළඹිලි තත්ත්වයකට පත් කර තිබේ. කොරොනා වසංගතය ලොව පුරා පැතිරෙමින් පවතින වර්තමානයේ වුව ද ඇමරිකාව ගෝලීය මානුෂීය අර්බුද තව තවත් උග්‍ර කරමින් සිටින බව පෙනේ. ඇමරිකාව, ඉරානය හා වෙනිසියුලාව වැනි රටවලට සම්බාධක පැනවීම හේතුවෙන් එම රටවල ආර්ථිකයන් අවුල් සහගත තත්ත්වයට පත් වී, එම රටවල ජනතාවගේ ජීවිත දැඩි දුෂ්කරතාවන්ට පත් වී ඇත.

1965 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ ප්‍රකාශනයකට අනුව, කිසිදු රටක්, කුමන හේතුවක් නිසා හෝ වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට සෘජුව හෝ වක්‍රව මැදිහත් නොවිය යුතුය. වෙනත් රටවල් මෙල්ල කිරීම සඳහා දේශපාලන, හමුදා, ආර්ථික හා වෙනත් ක්‍රියාමාර්ග භාවිතා නොකළ යුතු ය. වෙනත් රටවල රාජ්‍ය පාලනය පෙරලා දැමීම සඳහා කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහය වීම, අරමුදල් සැපයීම හා උසිගැන්වීම නොකළ යුතු ය. මේ වන විට ඇමරිකාව නොකළ යුතු දේවල් සියල්ලම කර අවසන් ය..!

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන