ඇමරිකානු හා බටහිර යටත්විජිතවාදයේ අඳුරු සෙවණැලි ගෝලීය එන්නත්කරණයේ අසමතුලිත බව ඇති කරයි
2021-04-15 09:59:32
Share with:

ඇමරිකානු හා  බටහිර යටත්විජිතවාදයේ අඳුරු සෙවණැලි ගෝලීය එන්නත්කරණයේ අසමතුලිත බව ඇති කරයි_fororder_507c323b72659db5438af1f9bd0e1ed7

 

‘අප්‍රිකානු රටවල් ලබා ගත් එන්නත් ප්‍රමාණය සමස්ත ලෝකයේ ලබාදී ඇති එන්නත් වලින් සියයට 2ක් පමණ වනවා. එය ඉතා සුළු ප්‍රමාණයක් .’ --ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂිකා Matshidiso Moeti මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ගෝලීය එන්නත් බෙදා දීමේ පවතින අසමතුලිත බව පිළිබඳව කණස්සල්ල දැක්වූයේ එලෙසය. බටහිර රටවල යටත්විජිත ඉතිහාසය දන්නා අයට නම් මෙය පුදුමයක් නොවේ. සුවිශාල ‘එන්නත් පරතරය’, සියවස් කිහිපයක් තුළ බටහිර රටවල් සිදු කළ යටත්විජිත කොල්ලකෑමෙන් ඇති වූ අසමානතාවයේ පිළිබිඹුවක් ය.

දැනට ලෝක ජනගහනයෙන් සියයට 16ක් ජීවත් වන පොහොසත් රටවලට ලෝකයේ සියයට 60ක කොරොනා එන්නත් හිමි වන අතර අප්‍රිකානු රටවල් ඇතුළු දිළිඳු හා සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් හිඟතාවට කිසිදු සැලකිල්ලක් දක්වා නැත. මෙහි හේතුව පැහැදිලිය.

බොහෝ සංවර්ධිත රටවලට සංවර්ධිත තත්ත්වයට පත් වීමට හැකි වූයේ සියවස් කිහිපයක කොල්ලකෑම මගින්ය. සුදු ජාතිකයින් ඉඩම් හා සම්පත් අත්පත් කර ගැනීම සඳහා රතු ඉන්දියානු ජාතිකයින් ඝාතනය කළ අතර එමගින් රතු ඉන්දියානු ජාතිකයින්ගේ ජනගහනය 15වන ශතවර්ෂ අග භාගයේ මිලියන පහක මට්ටමේ සිට 20 වන සියවසේ මුල් කාලය වන විට දෙලක්ෂ විසිපන් දහස දක්වා අඩු විය. එබඳු වර්ගවාදී ඝාතන අපරාධ සිදු කළ රටකට නම්, එන්නත් පර්යේෂණ හා සංවර්ධන ඒකාධිකාරයට තැත් කරමින්, එන්නත් ගබඩා කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට අනුබල නොදීම, අමුතු දෙයක් නෙවෙයි.

බටහිර යටත්විජිතවාදයෙන් මතු වූ සංවර්ධන පරතරය, බොහෝ රටවල් දිළිඳුකමට පාත්‍ර වී තිබීමට හේතු විය. වර්ගවාදය හා සුදු ජාතිකයින්ට ප්‍රමුඛතා ලබා දීම, ඇමරිකානු ජානයට ඇතුළ් වූ අතර එය යටත්විජිතවාදයේ වර්තමාන ප්‍රතිඵලයක් පමණය.

 ලේ වැගිරෙන කොල්ලකෑමෙන් සංකේතවත් වන ඇමරිකානු හා  බටහිර යටත්විජිතවාදය ඉතිහාසයට එක් වී තිබුණද එහි අඳුරු සෙවණැලි තවමත් ලෝකයේ තැන්තැන්වල දැකිය හැකිය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන