චීන විදේශ වෙළඳාම ස්ථාවර මට්ටමක
2021-04-14 12:51:27
Share with:

චීනයේ පළමු කාර්තුවේ විදේශ වෙළඳ සංඛ්‍යාලේඛන නිකුත් කෙරේ. ආනයන හා අපනයන වටිනාකම පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 29.2කින් වැඩි වී ඇති අතර අපනයනය හා ආනයනය පිළිවෙළින් සියයට 38.7කින් හා සියයට 19.3කින් වර්ධනය වූ බව එහි දැක්වේ. පසුගිය වසරේ හතර වන කාර්තුවේ යහපත් ප්‍රවණතාව වසර 2021 මුල් කාලයේත් පැවතිණ.

චීන විදේශ වෙළඳ වර්ධනයට සාධක කිහිපයක් බලපා තිබේ. ලොව පුරා නව කොරොනා එන්නත්කරණය සමගම ගෝලීය ආර්ථික පුනර්ජීවනයට මනා ඉදිරි දැක්මක් මතු විය. මෑතකදී ලෝක වෙළඳ සංවිධානය විසින් ගෝලීය භාණ්ඩ වෙළඳ ප්‍රමාණයේ වර්ධන අපේක්ෂාව, සියයට 7.2ක සිට සියයට 8ක් දක්වා ඉහල දමා තිබේ. බාහිර අවශ්‍යතාවේ ව්‍යාප්තියෙන් චීනයේ අපනයනය උත්තේජනය වී ඇත.මේ අතර කාර්මික නිෂ්පාදනය, ආයෝජනය හා පරිභෝජනය චීනයේ ආනයනය වැඩි වීමට ප්‍රධාන හේතු වී තිබේ. චීනය වසංගත පාලනය හා ආර්ථික වර්ධනය ඵලදායි ලෙස සම්බන්ධීකරණය කර ඇති අතර එය විදේශ වෙළඳාමේ ස්ථාවර ක්‍රියාකාරීත්වයට ශක්තිමත් අනුබලයක් සලසා දී තිබේ.

විවෘතභාවය චීනයටත් ලෝකයටත් වාසි ගෙන දෙයි. චීනයේ විදේශ වෙළඳාම ලැබූ ප්‍රතිඵලයන් තුළින් සහයෝගතාවේ හා පොදු ජයග්‍රහණ  සංකල්පයේ ශක්තිය දැකිය හැකිය.

පළමු කාර්තුවේදී චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක් වන රටවල් සමග සිදු කළ වෙළඳාමේ වටිනාකම යුවාන් ට්‍රිලියන 2.5ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 21.4ක වැඩි වීමකි. කලාපීය පූර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමේ (RCEP) සෙසු සාමාජික රටවල් 14 සමග සිදු කළ ආනයන හා අපනයන වටිනාකම ට්‍රිලියන යුවාන් 2.67ක් වන අතර එහි සියයට 22.9ක වර්ධනයක් පෙන්නුම් කරයි. විවෘතභාවය හා සහයෝගතාව, තවමත් ගෝලීය ආර්ථික වර්ධනයේ ප්‍රධාන ක්‍රමය බව ඉන් පූර්ණ ලෙස පිළිබිඹු වී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන