මානව හිමිකම් අවමානයට ලක් කෙරෙන ඇමරිකාවේ ජාතිවාදය
2021-04-13 19:45:12
Share with:

මානව හිමිකම් අවමානයට ලක් කෙරෙන ඇමරිකාවේ ජාතිවාදය_fororder_QQ图片20210413194014

ඇමරිකාවේ ජාතිවාදය මානව හිමිකම් අවමානයට ලක් කිරීමක් මෙන්ම පාගා දැමීමකි

1962 දී විමුක්ති ව්‍යාපාරයේ 100 වන සංවත්සරය නිමිත්තෙන්  ඇමරිකාවේ අප්‍රිකානු ජාතික ලේඛක ජේම්ස් බෝල්ඩ්වින් සිය බෑණාට විවෘත ලිපියක් ලිවීය. මෙම ලිපියෙන් ඔහු අප්‍රිකානු ඇමරිකානුවන්ගේ පරම්පරාවන් අත්විඳින සමාජ අසාධාරණයන් විස්තර කරයි.

අවාසනාවකට මෙන්, වසර 60 කට පමණ පසුවත්, බෝල්ඩ්වින්ගේ චෝදනාව යථාර්ථය තුළ තවමත් කුරිරු ලෙස පවතී.

ආසියානු ඇමරිකානුවන්ගේ අත්දැකීම් උදාහරණයක් ලෙස ගත හොත් කැලිෆෝනියා  විශ්ව විද්‍යාලය විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ඇමරිකානුවන්ට එරෙහි වෛරී අපරාධ 2019 වසරට සාපේක්ෂව 2020 දී 7% කින් පහත වැටී ඇති නමුත් ආසියානු ඇමරිකානුවන්ට එරෙහි වෛරී අපරාධ 149% කින් ඉහළ ගොස් තිබේ. “නව කොරොනා වසංගතය පැතිරී යාමේදී ඇමරිකාවේ  ආසියාතිකයෙකු වීම තනිවීමේ හැඟීමක්” යැයි නිව් යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය පවසයි.

ආසියානු ඇමරිකානුවන්ට එරෙහි වෛරී අපරාධ වැඩිවීම ඇමරිකාවේ හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් හිතාමතාම “චීන වෛරසය” සහ “කුං ෆු උණ” භාවිතා කිරීම හා සම්බන්ධ වේ. එහෙත් ආසියානු ඇමරිකානුවන්ට එරෙහිව දිගුකාලීන ක්‍රමානුකූල හා සංස්කෘතික වර්ගවාදයක් නොමැතිව ට්‍රම්ප්ගේ වචනවලින් පමණක් මෙතරම් පුළුල් වෛරයක් අවුලුවාලිය නොහැකිය.

ඇමරිකාව තුළ ජාතිවාදය යනු පුළුල්, ක්‍රමානුකූල හා නොනැසී පවතින පැවැත්මකි. සුදු ආධිපත්‍යය ඇමරිකානු සමාජයේ සෑම අංශයක් තුළට විනිවිද ගොස් ඇති අතර ජනවාර්ගික සුළුතරයන්ගේ මූලික මානව හිමිකම් පාගා දමා ඇත.‍

ඇත්ත වශයෙන්ම, ඇමරිකාවේ අභ්‍යන්තර  දේශපාලනය,ඓතිහාසික සම්ප්‍රදාය සහ දෘෂ්ටිවාදය යන සාධකයන් නිසා වාර්ගික වෙනස්කම් කිරීම පිළිබඳ ගැටළුව කිසි දිනෙක විසඳිය නොහැකි වෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන