ඇමරිකාව ‍අපනයනය කරන සටන් හා ආරවුල්
2021-04-13 11:26:47
Share with:

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ඇමරිකා ජනාධිපතිවරුන් සියල්ලන්ම පාහේ  සිය සේවා කාලය තුළදී යුද්ධ කිරීම හෝ සිය හමුදාවන් විදේශයන්හි සටන්වලට එක් වීමට යැවූ බව චීන මානව හිමිකම් පර්යේෂණ ආයතනය මෑතකදී පළ කළ වාර්තාවක දැක්වේ. අසම්පූර්ණ සංඛ්‍යාලේඛනයකට අනුව දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමේ සිට වසර 2001 දක්වා ලෝකයේ කලාප 153ක හට ගත් සන්නද්ධ ගැටුම් 248ක් අතරින්, ඇමරිකාව විසින්ම ක්‍රියාත්මක කළ සංඛ්‍යාව 201කි. සමස්ත සංඛ්‍යාවෙන් එය සියයට 81ක් ගනී.

සිය ආක්‍රමණික මෙහෙයුම්වලට ලස්සන වෙස්මුහුණු පැළඳවීමට ‘මානව හිමිකම්, ස්වාධිපත්‍යයට වඩා ඉහලය’, ‘මානුෂවාදී මැදිහත්වීම’ යන කියමන් ඇමරිකාව විසින් භාවිත කර ඇත. එහෙත් අලංකාර පෙනුමෙන් යුත් ‍එහි දුෂ්ටබව ආවරණය කළ නොහැකිය.

සිය ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා, ඇමරිකාව තමාගේ සැකසුම පිළි නොගන්නා රටවල් කෙරේ, ඍජුව යුධ වැදීම, නැතහොත් එහි දේදුනු විප්ලවයන්‍‍‍ට උසිගැන්වීම, එසේත් නොමැතිනම් එහි රජයන් වෙනස් කිරීමට බලපෑම් කිරීම යන ක්‍රම යොදා ගෙන ඇත. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය බලහත්කාරයෙන් බද්ධ කරනු ලැබූ රටවල්වල නම්, දේශපාලන පිරිහීම, ජන ජීවිතය අයහපත් වීම හා නොසන්සුන්තාවය දක්නට ලැබී තිබේ.

ලිබියාවේ අභ්‍යන්තර යුද්ධය හා සිරියානු අර්බුදය මතු වී දශකයක් ගත විය. ඇමරිකාව මෙහෙයවූ ඊනියා ‘අරාබි වසන්තය’ හේතුවෙන් ලිබියාව ඇතුළු බටහිර ආසියානු හා උතුරු අප්‍රිකානු රටවල් ගැටුම්කාරී තත්ත්වයට පාත්‍ර විය.

ලෝක ප්‍රසිද්ධ මැදපෙරදිග සංචාරක ගමනාන්තයක් මෙන්ම, ඛනිජ තෙල්වලින් පොහොසත් සිරියාව, දැනට විශාල සරණාගතයින් අපනයන රටක් බවට පත් විය. කෝටි සංඛ්‍යාත සිවිල් වැසියන්ට උන්හිටිතැන් අහිමි විය.

‘ත්‍රස්තවාදී විරෝධය’ යන නාමයෙන් ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ සිය හමුදා ස්ථානගත කර වසර 20ක් ගත වුවද, අල්ඛයිඩා සංවිධානය හා තලේබන් සන්නද්ධ බලවේගය තුරන් නොවූ අතර ඇෆ්ගනිස්ථාන රජය අකර්මණ්‍යතාවට පත් විය.‍ ‍තලේබන් සංවිධානයේ පාලන පරාසය ව්‍යාප්ත වෙමින් පවතී.

සිය පරිකල්පනයන් මත ඉරාකයට චෝදනා නගමින් වසර 2003නේ ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කළේය. එරට දිගු කාලීන සටන්කාමී තත්ත්වයට එය හේතු විය. මේ වන විට ඇමරිකාව විසින් ඉරාකය හා සිරියාව යන රටවල්වල පෝෂණය කළ බොහෝ රාජ්‍ය විරෝධී සන්නද්ධ බලවේග, ත්‍රස්තවාදී සංවිධාන බවට පරිවර්තනය වී තිබේ.

තමා විසින්ම ඇති කළ විස්මයජනක මානුෂවාදී විපත්වලට මුහුණ දීමේදී ඇමරිකාව තුළ කිසිදු පසුතැවිල්ලක් හෝ කණගාටුවක් නොමැති බව පෙනේ. ඇමරිකාව අපනයනය කර ඇත්තේ සටන් හා ආරවුල් මිස, ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව ලෝක වාසීන්ට පැහැදිලි වී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන