චීන-ඇමරිකා තරඟය, ඇමරිකා-සෝවියට් අරගලයේ අනුරුවක් සේ දුටුවද චීනය සෝවියට් සංගමය නොවන බව ඇමරිකාව වටහා ගත යුතුයි
2021-04-11 19:58:59
Share with:

චීන-ඇමරිකා තරඟය, ඇමරිකා-සෝවියට් අරගලයේ අනුරුවක් සේ දුටුවද චීනය සෝවියට් සංගමය නොවන බව ඇමරිකාව වටහා ගත යුතුයි_fororder_4d306a05e21386673018e6ae347ed60f

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ ආසියානු අධ්‍යයන ආයතනයේ කීර්තිමත් ශාස්ත්‍රඥයෙකු වන දේශපාලනඥයෙකු හා හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන Kishore Mahbubani මහතා පසුගියදා ස්විට්සර්ලන්ත මාධ්‍ය ආයතනයක් වන “ටයිම්ස්” ආයතනය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වී, චීන-ඇමරිකා සබඳතාව, චීන-යුරෝපා සබඳතා හා චීනයේ සංවර්ධනය පිළිබඳ සාධාරණ තක්සේරුවක් කළේය.

චීන-ඇමරිකා තරඟය, ඇමරිකා-සෝවියට් අරගලයේ අනුරුවක් වන අතර ඉන් තමන්ට තවමත් ජය ගත හැකි යැයි ඇමරිකාව විශ්වාස කරන බව Kishore Mahbubani මහතා පැවසීය. නමුත් චීනය සෝවියට් සංගමය නොවන බව ද හෙතෙම අවධාරණය කළේය.

ඇමරිකාව චීනය අවතක්සේරු නොකළ යුතුය. උපායමාර්ගික මඟ පෙන්වීමකින් තොරව, ඇමරිකාව මෙතරම් විශාල රටක් සමඟ භූදේශපාලනික අරගලයක් දියත් කිරීම ඇමරිකාව කළ බරපතලම වැරැද්ද ලෙසට පැවසිය හැකිය.

ඇමරිකානු හිටපු ජනාධිපති  ට්‍රම්ප් සහ එරට පෙර පැවති  විවිධ රජයන් එම වැරැද්ද කර ඇත. චීනය සමඟ අරගලයක් සිදු කිරීමේ ඇමරිකාවේ කල්පනාව ඉතා බොළඳ සහ අහංකාර සිතුවිල්ලක් බව Kishore Mahbubani මහතා පෙන්වා දුන්නේය. බයිඩන් රජය ද එම වැරැද්ද ඇතැම් විට සිදු කර ඇතැයි බව ද හෙතෙම විශ්වාස කරයි.

මෙම තරඟය තමන්ට ජය ගත හැකි යැයි සිතන ඇමරිකාව සිය “විචිත්‍රවත් ප්‍රජාතන්ත්‍රවාදයට” සෑම විටම වෙනත් පද්ධති පරාජය කළ හැකි බව තරයේ විශ්වාස කරයි. නමුත් ඇමරිකාව තවමත් ප්‍රයෝගික ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවන බව හෙතෙම කියා සිටියේය. චීනය තම පද්ධතිමය වාසි ඔප්පු කර ඇති අතර  චීනයේ පාලන ගුණාත්මකභාවය ඇමරිකාව ඉක්මවා ඇත. නව කොරොනා වසංගතය පාලනය කිරීමෙන් එය දැකගත හැකිය. ඇමරිකාවේ 500,000 කට වැඩි පිරිසක් වසංගතයෙන් මියගොස් ඇති නමුත් චීනයේ එම සංඛ්‍යාව මේ දක්වා 5,000 ඉක්මවා ගොස් නොමැත. අද චීනය සෝවියට් සංගමයට වෙනස් බව ඇමරිකාව වටහා ගත යුතු බව Kishore Mahbubani මහතා පැවසීය.

විශාලතම තර්ජනය කවුරුන්ද යන්න යුරෝපය ද සිතා බැලිය යුතුය. කල් යත්ම චීනය යුරෝපයේ ප්‍රධාන වෙළඳපොල බවට පත්වනු ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන