දකුණු චීන මුහුද ඇමරිකාව සිය ආධිපත්‍යය තහවුරු කිරීමේ කෙළිබිමක් නොවිය යුතුය
2021-04-09 20:54:13
Share with:

පසුගිය 7වන දින ඇමරිකාවේ USS Theodore Roosevelt නම් ගුවන් යානා ප්‍රවාහන  යුධ නෞකා කණ්ඩායම දකුණු චීන මුහුදේ සිය ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අවසන් කළේ ය. මෙය මේ වසරේ එම නෞකාව අනවසරයෙන් චීන මුහුදු ප්‍රදේශයට පිවිසි 3වැනි අවස්ථාවයි.  දකුණු චීන මුහුද, ඇමරිකාව ඉන්දීය-ෆැසිපික් කලාපයේ සිය නායකත්වය තහවුරු කිරීමට උත්සාහ ගන්නා තීරණාත්මක මුහුදු ප්‍රදේශයකි. ඇමරිකාව චීනය මර්දනය කිරීමේ වැදගත් ප්‍රදේශයක් ද වන්නේ දකුණු චීන මුහුද ය. ඇමරිකාවේ නායකත්වය සහ උසිගැන්වීම යටතේ, දකුණු චීන මුහුදු ප්‍රදේශයෙන් පිටත රටවල් ගැටුම් ඇති කරමින් එම මුහුද යුද බිමක් බවට පත් කිරීමට කටයුතු කර ඇත.

එහෙත් මෑත කාලයේ දකුණු චීන මුහුද සම්බන්ධයෙන් ඇමරිකාව ගත් ක්‍රියාමාර්ග නිෂ්ඵල වී ඇති බව පෙනේ. විශේෂයෙන් ‍කොරොනා වසංගතය මතු වීමෙන් පසු චීනය හා ආසියාන් රටවල් එක්සත් වී වසංගතය මර්දනය සඳහා පොදුවේ ප්‍රයත්න දරා තිබේ. කොරොනා වසංගතය හමුවේ වුව ද 2020 වසරේ දෙපාර්ශ්වය අතර ආයෝජනය හා වෙ‍ළඳාම වර්ධනය වී ඇත. කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමට චීනය හා ආසියාන් රටවල් එක් වීමෙන් දෙපාර්ශ්වයට තවත් ප්‍රබල සහයෝගිතා ශක්තියක් එක් වී තිබේ.

චීනයේ හා ආසියාන් රටවල පොදු උත්සාහ යටතේ දකුණු චීන මුහුදේ වත්මන් තත්ත්වය පවතින්නේ ස්ථාවර මට්ටමක ය. පසුගිය දා ආසියාන් රටවල විදේශ ඇමතිවරුන් වෙන් වෙන් ව චීනයේ සංචාරය කර තිබේ. ඇමරිකාව සිය ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ අවියක් බවට පත් වීමට අකැමැති බව ඔවුන් පවසා ඇත. දකුණු චීන මුහුද ඇමරිකාව සිය ආධිපත්‍යය තහවුරු කිරීමේ කෙළිබිමක් නොවන බව ඉන් පැහැදිලි ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන