ඉලක්ක ගත පියවර මගින් චීනය දරිද්‍රතාවය පිටුදැකීම, මානව වර්ගයාගේ දරිද්‍රතාවය අවම කිරීමේ නව මාර්ගයක් වේ
2021-04-08 10:38:09
Share with:

ඉලක්ක ගත පියවර මගින් චීනය දරිද්‍රතාවය පිටුදැකීම, මානව වර්ගයාගේ දරිද්‍රතාවය අවම කිරීමේ නව මාර්ගයක් වේ_fororder_src=http___www.xjdaily.com.cn_upload_resources_image_2018_02_15_63958&refer=http___www.xjdaily.com

චීන රජය "මානව දරිද්‍රතාවය අවම කිරීමේ චීනයේ පරිචය" යන ධවල පත්‍රිකාව පසුගියදා නිකුත් කළේය. 2020 අවසානයේදී චීනය දරිද්‍රතාවය පිටුදැකීමේ ඉලක්කය නියමිත පරිදි සම්පූර්ණ කර ඇති අතර එක්සත් ජාතීන්ගේ 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ දරිද්‍රතාවය අවම කිරීමේ ඉලක්කය නියමිත කාලයට වසර 10 කට පෙර සම්පූර්ණ කර තිබෙන බව එම ධවල පත්‍රිකාව සඳහන් කරයි.

මෙම ආශ්චර්යය නිර්මාණය වූයේ කෙසේද? වැදගත් අත්දැකීමක් වන්නේ ඉලක්ක ගත පියවර මගින් දරිද්‍රතාවය පිටුදැකීමයි. මෙය චීනයේ සුවිශේෂී දරිද්‍රතාවය පිටුදැකී‍මේ අත්දැකීමයි. චීනය දරිද්‍රතාවය අවම කිරීමේ සමස්ත ඵලදායීතාවය නිවැරදි ක්‍රියාමාර්ග මාලාවක් හරහා වැඩි දියුණු කර ඇත. කාර්මික දරිද්‍රතාවය පිටුදැකීම, ජෛව පාරිසරික දරිද්‍රතාවය පිටුදැකීම, අධ්‍යාපන දරිද්‍රතාවය පිටුදැකීම යනාදී පියවර චීනයේ දරිද්‍රතාවයෙන් මිදීමේ නිවැරදි හා බලවත් ක්‍රියාමාර්ග බවට පත්ව ඇත.

දරිද්‍රතාවයට ‍එරෙහි සටන ජය ගැනීම සඳහා “ඉලක්ක ගත පියවර මගින් දරිද්‍රතාවය පිටුදැකීම”යන උපාය මාර්ගය, චීනයේ මැජික් අවියයි. එය දරිද්‍රතාවය අවම කිරීම සඳහා මානව වර්ගයාට නව මාර්ග විවර කර තිබේ. 2018 වසරේ දෙසැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ 73වැනි සම්මේලනය ග්‍රාමීය දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ තීරණයක් සම්මත කළේය. “ඉලක්ක ගත පියවර මගින් දරිද්‍රතාවය පිටුදැකීම”යනාදී සංකල්ප ඊට ඇතුළත් විය. චීනයේ ඉලක්කගත පියවර මගින් දරිද්‍රතාවය පිටුදැකීමේ ක්‍රමය වෙනත් රටවලට ඉගෙන ගත යුතු අත්දැකීමක් බව චීනයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිත Beate Trankmann මහත්මිය පැවසුවාය.

චීනයේ දරිද්‍රතාවය අවම කිරීමේ ජයග්‍රහණ සහ වටිනා අත්දැකීම් චීනයට පමණක් නොව ලෝකයට ද අයත් වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන