ගෝලීය සැපයුම් දාමයන් විශාල පීඩනයකට හසු කෙරුණු ඇමරිකාවේ අසත්‍ය නිර්මාණය
2021-04-01 20:41:21
Share with:

මෑතදී චීනයේ ෂින් ජයං ස්වායත්තය,  විශේෂයෙන් එහි කපු නිෂ්පාදනය බොහෝ කතා බහට ලක් වී තිබේ. පසුගිය ජනවාරි මාසයේ ඇමරිකාව ෂින් ජයං වෙතින් කපු ආනයනය කිරීම සහ ෂින් ජයං කපුවලින් සාදන ලද සියලුම නිෂ්පාදන තහනම් කිරීම පිළිබඳව නිවේදනය කර තිබේ. ඒ සමගම ප්‍රධාන අන්තර්ජාතික වෙළඳ නාමවල සැපයුම් දාමයන් විශාල පීඩනයකට හසු වී ඇත. නිෂ්පාදන පිරිවැය වැඩි වීම ප්‍රධාන ගැටළුවකි.

දැනට චීනයේ ෂින් ජයං ස්වායත්තයේ කපු නිෂ්පාදනය සමස්ත ගෝලීය නිෂ්පාදනයෙන් 20%කි. එබැවින් ෂින් ජයං කපු කිසි විටක අලෙවි ගැටළුවට මුහුණ දී නොමැත. ඇමරිකාවේ නිවේදනය අනුව ෂින් ජයං කපු වාරණය කිරීම, ගෝලීය කපු නිෂ්පාදන දාමයේ අවුල් සහගත තත්ත්වයක් ඇති වීමට සහ ගෝලීය කෘෂි නිෂ්පාදිත මිළ ගණන් අසාමාන්‍ය ලෙස උච්චාවචනය වීමට හේතු වනු ඇත. අවසාන වශයෙන් එයින් හානි සිදු වන්නේ ව්‍යවසායන්ට ය.මීට අමතරව, ඇමරිකාව නිර්මාණය කළ අසත්‍ය කතා මත පදනම්ව ෂින් ජයං කපු වාරණය කිරීමෙන් අදාළ ව්‍යවසායන්හි ප්‍රතිරූප සහ එම ව්‍යවසායන්ට හිමි වන චීන පාරිභෝගික ප්‍රසාදය විනාශ වනු ඇත. එමගින් අදාළ ව්‍යවසායන්ට දිගුකාලීන හානියක් ගෙන දෙයි.

චීන පාරිභෝගික වෙළඳ පොල විශාල පරිමාණය හා විභවය ඇති වෙළඳපොලකි.චීන පාරිභෝගික වෙළඳපොල බොහෝ අන්තර්ජාතික සමාගම්වලට ඉතා වැදගත් ය. චීනය හැමවිටම විදේශ ව්‍යවසායන් පිළිගන්නා නමුත් චීනයෙන් ලාභ උපයන අතර ම චීනයට එරෙහිව කටයුතු කරන විදේශ ව්‍යවසායන් චීනයට පිළිගත නොහැකි ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන