අත්යන්ත්‍ර කර්මාන්තය ගොඩනැගීමට නව පියවරක්
2021-03-31 09:36:06
Share with:

අත්යන්ත්‍ර කර්මාන්තය ගොඩනැගීමට නව පියවරක්_fororder_斯里兰卡在弘扬民族工业路上又迈出一大步

ශ්‍රී ලංකාවේ බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා “හෙළ සළු පියස”පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් මත බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව “හෙළ සළු පියස”පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීමේ සංකල්පය ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

“හෙළ සළු පියස” නමින් ආරම්භ වන මෙම මධ්‍යස්ථානය සුවිශේෂී තැනක් ගන්නේ මෙය බතික් සහ අත්යන්ත්‍ර යන ක්ෂේත්‍ර දෙකේම ජනතාවට පුහුණුව ලබා දෙන ස්ථානයක් මෙන්ම අමුද්‍රව්‍ය යෙදවුම් ලෙස ලබා දී ලැබෙන නිමරවුම අළෙවි කරන අවසන් ක්‍රියාව දක්වාම සිදු කරන සියල්ලම කැටිකොට ගත් සුවිශේෂී පුහුණු මධ්‍යස්ථානයක් වන බැවිනුයි.

තවද පන්නල ප්‍රදේශය අවට පුළුල් වපසරියක් තුල ඇති ස්වයංක්‍රීය නූල් එතුම් යන්ත්‍රය ද මෙම මධස්ථානය සතුවෙයි. මෙම මධ්‍යස්ථාන පරිශ්‍රයට නව මුහුණුවරක් ලබා දීමට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශය, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් තාක්ෂණය ආයතනය එක්ව කටයුතු කර ඇති අතර ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ තත්ත්වයකට ගෙන ඒමට මෙම සංකල්පය මහත් පිටුවහලක්ද වනු ඇත.

මෙවැනි බතික් මෙන්ම අත්යන්ත්‍ර පුහුණු,නිෂ්පාදන හා අළෙවි මධ්‍යස්ථාන දිස්ත්‍රික්කයකට එක බැගින් ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවා .එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇගළුම් ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන නව ප්‍රවනතාවය අනුව ඉදිරි පස් අවුරුද්ද තුළ දිවයින පුරා බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ඇති කිරීමටද කටයුතු කරනු ඇති අතර  මේ වන විට මධ්‍යස්ථාන 4ක් ස්ථාපිත කර ඇතැයි ද  දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යතුමා හෙළි කළා.

මෙසේ කිරීමෙන් ශ්‍රී ලංකාවේ බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තයට නව සංවර්ධන අවස්ථා උදාකරවීම සහතික කළ හැකියි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන