බටහිර දේශපාලනඥයන්ගේ කළු හදවතට ෂින්ජියංහි සුදු කපු පැල්ලම් කළ නොහැකිය
2021-03-27 16:07:00
Share with:

බටහිර දේශපාලනඥයන්ගේ කළු හදවතට ෂින්ජියංහි සුදු කපු පැල්ලම් කළ නොහැකිය_fororder_TIM图片20210327160532

බොරු හා අසත්‍ය තොරතුරු ද්වේෂ සහගත ලෙස පතුරවන බ්‍රිතාන්‍ය නිලධාරීන් 9 දෙනෙකුට සහ ආයතන හතරකට සම්බාධක පනවන බව චීනය විදේශ අමාත්‍යංශය ඊයේ (26 ) ප්‍රකාශ කළේය. මෙය  ෂින්ජියං හි ඊනියා මානව හිමිකම් ප්‍රශ්නයේ පදනම මත අදාළ චීන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව බ්‍රිතාන්‍ය පාර්ශවය විසින් මීට පෙර පැනවූ සම්බාධකවලට නිවැරදි ප්‍රතිචාරයකි. ෂින්ජියංහි සංවර්ධනයට අපහාස කිරීම සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ ඕනෑම  අශිෂ්ඨ ක්‍රියාවක් චීනය නොඉවසන බව මෙයින් බාහිර ලෝකයට පැහැදිලිව පෙනේ.

මෑතකදී, බටහිර රටවල ඇතැම් චීන විරෝධී බලවේගයන්  ෂින්ජියංහි මානව හිමිකම් සම්බන්ධයෙන් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇත. ඉන් එක් ප්‍රධාන දෙයක් වන්නේ ෂින්ජියං හි කපු සිටුවීමේ කර්මාන්තයේ ඊනියා “බලහත්කාර ශ්‍රමය” පවතින බවය නගන අපහාසයයි.

බටහිර දේශපාලනඥයන්ගේ පීඩනය හා බලපෑම් යටතේ ස්විට්සර්ලන්තය පදනම් කරගත් “මනා කපු සංවර්ධන සංගමය” සහ ඇතැම් ජාත්‍යන්තර ප්‍රසිද්ධ ව්‍යවසායන් විසින් ෂින්ජියංහි කපු අමුද්‍රව්‍ය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන බවට  අදහස් දක්වා තිබේ.

ඇත්ත වශයෙන්ම, "බලහත්කාරයෙන් වැඩ කිරීම" යන ලේබලය චීනය මත තැබිය නොහැක. අන්තර්ජාතික කම්කරු සංවිධානය සිය ප්‍රඥප්තියේ පැහැදිලිවම පෙන්වා දෙන්නේ බලහත්කාරී ශ්‍රමය යනු ඕනෑම දඩුවමක් සඳහා වන තර්ජනයක් බවයි. නමුත් ෂින්ජියංහි එවැනි තත්වයක් කිසිසේත් නො මැත.

ෂින්ජියං කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, ෂින්ජියං හි කපු යාන්ත්‍රිකකරණ අනුපාතය 69.83% දක්වා ළඟා වී ඇති අතර එයින් 95% ක් උතුරු ෂින්ජියං හි පවතී.  අස්වැන්න නෙළන ලද ෂින්ජියංහි කපු වලින් 70% ක් පැමිණියේ කවර දෙසින් ?

චීනයේ වෙළඳපල ප්‍රමාණවත් තරම් විශාලය. ලෝක වෙළඳපොළ ප්‍රමාණවත් තරම් විශාලය. ෂින්ජියංහි කපු වගා කිරීම හා අලෙවිය ඊනියා "සම්බාධක" වලට මූලික වශයෙන් බලපෑමක් ඇති නොකරයි. බටහිර දේශපාලනඥයන්ගේ කළු හදවතට ෂන්ජියං හි සුදු කපු කැළැල් කළ නොහැකිය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන