චීන යුරෝපා සංගම් ආයෝජන ගිවිසුම ඇතැම් බටහිර දේශපාලනඥයින්ගේ මෙවලමක් විය නොහැකිය
2021-03-25 20:31:26
Share with:

චීන යුරෝපා සංගම් ආයෝජන ගිවිසුම ඇතැම් බටහිර දේශපාලනඥයින්ගේ මෙවලමක් විය නොහැකිය_fororder_《国际锐评》中欧投资协定不能成为西方某些政客的工具

මීට දින කිහිපයකට පෙර, ෂින්ජියං සම්බන්ධ අසත්‍ය පදනම් කරගෙන යුරෝපා පාර්ශ්වය විසින් පනවා ඇති ඊනියා සම්බාධකවලට චීන පාර්ශ්වය වහාම විරුද්ධ විය. මෙය ඇතැම් යුරෝපීය දේශපාලනඥයන් කෝපයට පත් කර තිබේ. චීනයට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස යුරෝපා පාර්ලිමේන්තුව මෑතකදී චීන යුරෝපා සංගම් ආයෝජන ගිවිසුම් සමාලෝචන සමුළුව අවලංගු කරන ලදි.

චීන යුරෝපා සංගම් ආයෝජන ගිවිසුම ඇතැම් බටහිර දේශපාලනඥයින්ගේ මෙවලමක් විය නොහැකිය.

චීන යුරෝපා සංගම් ආයෝජන ගිවිසුම දෙපාර්ශ්වයේම අවශ්‍යතාවන්ට අනුකූල වන අතර වෙළඳපල තවදුරටත් සංවර්ධනය කිරීමට සහ ආයෝජන පුළුල් කිරීමට දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් වේ. එය කිසිසේත් යුරෝපීය පාර්ශ්වයෙන් චීනයට ලබා දෙන “තෑග්ගක්” නොවේ. ගිවිසුම ඉදිරියට යාමට බාධා කිරීමෙන් යුරෝපීය පාර්ශ්වයට කිසිදු යහපතක් ඇති නොකරයි. චීන යුරෝපා සංගම් ආයෝජන ගිවිසුම දැනට බාධාවන්ට මුහුණ දී සිටී නම්, සැබෑ බාධකය වන්නේ චීනය සහ යුරෝපා සංගමය අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව හිතාමතාම අඩපණ කරන චීන විරෝධී බලවේගයන් ය.

චීන යුරෝපා සංගම් ආයෝජන ගිවිසුමේ කැපී පෙනෙන ලක්ෂණ වන්නේ සමබරතාවය, ඉහළ මට්ටමේ සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභයි. දෙපාර්ශ්වයම ඉහළ මට්ටමේ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳපල ප්‍රවේශ බැඳීම් ඇති කර ගෙන ඇති අතර, සියලු නීති දෙපාර්ශ්වය ටම අදාළ වේ. මෙය චීන හා යුරෝපීය ව්‍යවසායන් මෙන්ම ගෝලීය ව්‍යවසායන් සඳහාද ප්‍රතිලාභ ගෙන දෙනු ඇත.

එබැවින් 2020 අවසාන වන විට චීන යුරෝපා සංගම් ආයෝජන ගිවිසුම් සාකච්ඡා අවසන් වීමෙන් පසු දෙපාර්ශ්වයේම ව්‍යවසායයන් එය පිළිගෙන තිබේ. මේ වන විට චීනය සහ යුරෝපා සංගමය අතර සාකච්ඡා ආයතනය චීන යුරෝපා සංගම් ආයෝජන ගිවිසුම පිළිබඳ අවශ්‍ය නීති සමාලෝචන කටයුතු සිදු කරමින් සිටී. චීන යුරෝපා සංගම් ආයෝජන ගිවිසුම ප්‍රවර්ධනය කිරීම සහ චීන යුරෝපා සංගම් ආර්ථික හා වෙළඳ සබඳතා සංවර්ධනය කිරීම සඳහා හිතකර කොන්දේසි නිර්මාණය කිරීම සඳහා යුරෝපා සංගමය ස්වකීය අභිමතාර්ථයන්ගෙන් ඉදිරියට ගෙන යමින් දෘෂ්ටිවාදාත්මක පක්ෂග්‍රාහීත්වයෙන් මිදීමට හා බාහිර බලපෑම්වලට යටත් නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන