ෂින්ජියංහි ජනතාවගේ ස්වයං රැකියා පුහුණුව සාර්ථක මානව හිමිකම් කතාවකි
2021-03-24 19:43:05
Share with:

ෂින්ජියංහි ජනතාවගේ ස්වයං රැකියා පුහුණුව සාර්ථක මානව හිමිකම් කතාවකි_fororder_TIM图片20210324194145

බටහිර, චීන විරෝධී බලවේග විසින් විමර්ශනයකින් තොරව ගොතන ලද ඊනියා වාර්තාවට වඩා හාත්පසින්ම වෙනස්, Jinan විශ්ව විද්‍යාලයේ වචන 18000ක වාර්තාව ෂින්ජියංහි සුළුජාතික කම්කරුවන් සේවයේ යොදවා ඇති ව්‍යවසායන් පහක් විමර්ශනය කිරීමෙන් සහ ෂින්ජියංහි සුළු ජාතික සංක්‍රමණික කම්කරුවන් 70 දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා කිරීමෙන් බොහෝ තොරතුරු ලබා දී අභ්‍යන්තර ප්‍රදේශවල සේවය කරන ෂින්ජියංහි සුළු ජාතික කම්කරුවන්ගේ සැබෑ තත්ත්වය පෙන්නුම් කරයි .

ඉන්, බාහිර ලෝකයට පැහැදිලිවම දැක ගත හැකි වන්නේ රැකියාවට යාම යනු ඊනියා "බලහත්කාරයෙන් වැඩ කිරීම" සහ වෙනත් ගැටළු නොමැතිව සින්ජියංහි ජනතාවගේ ස්වාධීන හා ස්වේච්ඡා තේරීමක් වන අතර වඩා හොඳ ජීවිතයක් ගත කිරීමේ ඔවුන්ගේ පුරුද්දයි. ෂින්ජියංහි සුළු ජාතික කම්කරුවන් සේවයේ යොදවා ඇති ව්‍යවසායන් සඳහා සම්බාධක පැනවීමට මෙය නිදහසට කරුණක් ලෙසට ගන්නා  බටහිර රටවල් මානව හිමිකම් භාවිතා කරන්නේ ෂින්ජියංහි සියලු ජනවාර්ගික කණ්ඩායම්වල ජනතාවගේ සාමාන්‍ය කම්කරු අයිතිවාසිකම් හිතාමතාම හානි කිරීමේ කඩතුරාවක් ලෙසිනි.

යැපීමේ අයිතිය සහ සංවර්ධනය වීමේ අයිතිය මූලික මානව අයිතිවාසිකම් ය. ෂින්ජියං හි ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය නිරන්තරයෙන් සිදුවීම සහ ඓතිහාසික හා ස්වාභාවික සාධකවල බලපෑම හේතුවෙන් එහි සංවර්ධනය සාපේක්ෂව පසුගාමී ය. මේ සඳහා චීන රජය සමාජ ස්ථාවරත්වය, ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ ෂින්ජියංහි සියලුම ජනවාර්ගික කණ්ඩායම්වල ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඵලදායී ලෙස ආරක්ෂා කිරීම සඳහා ප්‍රාදේශීය ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කර ඇත.

මෑතකදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ දී උයිගර් කාන්තා නියෝජිත යලික්සින්නා, සිය මිත්තණිය , මව සහ ඇය යන  උයිගුර් කාන්තාවන්ගේ පරම්පරා තුනක අධ්‍යාපනය සහ රැකියාව පිළිබඳ විචිත්‍රවත් කතාවක් පැවසුවාය. "ෂින්ජියං හි කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා පූර්ණ ලෙස ආරක්ෂා කිරීම චීනයේ මානව හිමිකම් අරමුණු සංවර්ධනය කිරීමේ සාරාංශගත කිරීමක් යැයි " ඇය පැවසුවාය. මෙය ලෝකයේ වඩාත්ම සාර්ථක මානව හිමිකම් කතාවකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන