බටහිර ලෝකයේ ඇතැම් දේශපාලනඥයින්, චීනයට විරුද්ධව ගොතනු ලැබූ ව්‍යාජ වාර්තා අගයන්නේ ඇයි?
2021-03-24 10:29:15
Share with:

චීනයේ ස්වාධිපත්‍යයට හා ප්‍රතිලාභයට හානි සිදු කරමින් බොරු හා ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ යුරෝපීය පුද්ගලයින්ට හා ආයතනවලට එරෙහිව සම්බාධක පනවන බව චීන විදේශ අමාත්‍යංශය පසුගිය 22 වනදා ප්‍රකාශ කළේය. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට යළි යළිත් මැදිහත් වූ සංවිධාන හා චීනයේ ෂින්ජියං ප්‍රශ්නය පිළිබඳව ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෝ චීනය විසින් ප්‍රකාශයට පත් කළ සම්බාධක නාමාවලියට ඇතුළත් වෙති. ඔවුන් චීන ජනතාවගේ කීර්තියට හා අභිමානයටත් චීනයේ ස්වාධිපත්‍යයට හා ආරක්ෂක යහපතටත් හානි සිදු කළ බැවින් සම්බාධක පැනවීමට ලක් වී ඇත.

ජර්මානු විද්වතෙකු ලෙස පෙනී සිටිමින් ක්‍රියා කළ Adrian Zenz නැමැත්තා එම නාමාවලියට ඇතුළත්ය. ඔහු චීනයේ ෂින්ජියං ප්‍රදේශයට පැමිණ නොමැති වුවද, සිය පරිකල්පනය හා අනුමාන කිරීම මගින් එම ප්‍රදේශය පිළිබඳ ව්‍යාජ තොරතුරු සහිත ලිපි හා වාර්තා 10කට වැඩි සංඛ්‍යාවක් ගොතා ‘ජාතික සංහාරය’ යන අපරාධ චෝදනාව පවා චීනයට එල්ල කර ඇත. එහෙත් පසුගිය වසර 40 තුළ චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ උයිගුර් ජාතිකයින්ගේ ජනගහනය මිලියන 5.55 සිට මිලියන 12.7 දක්වා වැඩි වී තිබේ. Adrian Zenz එල්ල කළ අහේතුක චෝදනා මගින්, බටහිර ලෝකයේ චීන-විරෝධී ක්‍රියාවන්හි ප්‍රමුඛයා ලෙස ඔහුගේ සැබෑ මුහුණ අනාවරණය විය.

එහෙත් එබඳු දුර්වල බොරු, බටහිර ලෝකයේ චීනයට විරුද්ධ දේශපාලනඥයින් විසින් අගයනු ලැබෙන්නේ නිධාන ලෙසයි. ඔවුන් සලකන්නේ ෂින්ජියංහි ජනතාවගේ මානව හිමිකම් හෝ සත්‍යය නොවේ. චීනය දියුණු වෙමින් චීන ජනතාවගේ ජීවිතය එන්න එන්නම යහපත් වීම දැකීමට ඔවුහු අකමැති වෙති. ෂින්ජියං ප්‍රදේශය පිළිබඳව Adrian Zenzලා නිර්මාණය කළ බොරු, ඔවුන් විසින් මහත් සේ ප්‍රචලිත කර ඇත්තේ එමගින් චීනය මර්දනය කිරීම සඳහා බව පෙන්වා දිය යුතුය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන