චීනයේ ෂින්ජ්‍යන් සුළු ජාතික ජනතාවගේ රැකියා නියුක්තිය පිළිබඳව Jinan විශ්වවිද්‍යාලයෙන් සමීක්ෂණ වාර්තාවක්
2021-03-21 16:30:49
Share with:

චීනයේ ෂින්ජ්‍යන් උයිගුර් ස්වායත්තය ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන්, Adrian Zenz නම් චීන විරෝධී ජර්මානු පුද්ගලයෙක් මෑතකදී එම ප්‍රදේශයේ ඇතැම් ව්‍යවසායන්ගේ හා ජනතාවගේ පැමිණිල්ලකට මුහුණ දී තිබෙනවා.

Adrian Zenz පසුගිය 2 වැනිදා ‘ෂින්ජ්‍යන් හි බලහත්කාරයෙන් වැඩ කිරීම’ සම්බන්ධ නව වාර්තාවක් නිකුත් කළා. එම වාර්තාවට අනුව, දකුණු ෂින්ජ්‍යන් හි ශ්‍රමික පිරිස චීනයේ වෙනත් ප්‍රදේශවලට බලහත්කාරයෙන් මාරු කෙරුණු අතර එහි අරමුණ වන්නේ දකුණු ෂින්ජ්‍යන් හි උයිගුර් ජාතික ජනතාව එහි සමස්ත ජනගහණයෙන් ‍ගන්නා අනුපාතය අඩු කිරීමයි.

මේ සම්බන්ධයෙන් චීනයේ Jinan විශ්වවිද්‍යාලය සමීක්ෂණ වාර්තාවක් නිකුත් කරමින් ෂින්ජ්‍යන් සුළු ජන වාර්ගික ජනතාව චීනයේ ගුවන්ඩං පළාතේ රැකියා නියුක්තියේ සැබෑ තත්ත්වය හෙළි කර තිබෙනවා. “ බලහත්කාරයෙන් වැඩ කරවීම ද සුන්දර ජීවිතය සොයා ගැනීම ද --ෂින්ජ්‍යන් ශ්‍රමික පිරිස රැකියා නියුක්තියේ තත්ත්වය”  යන්න එම සමීක්ෂණ වාර්තාවේ තේමාවයි.

එම වාර්තාව සකස් කිරීම සඳහා අදාළ පර්යේෂකයින් දකුණු චීනයේ ගුවන්ඩං පළාතේ ව්‍යවසායන් පහකට පැමිණ විස්තර සමීක්ෂණ පැවැත්වූවා. සමීක්ෂණයේදී එම ව්‍යවසායන්හි සේවය කරන, ෂින්ජ්‍යන්වලින් පැමිණි උයිගුර් ජාතික, කසක් ජාතික, කිර්ගිස් ජාතික, ටචික් ජාතික සේවක සේවිකාවන් 70දෙනෙකු සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වුණා. ඔවුන් ෂින්ජ්‍යන් ස්වායත්තයේ සිට ගුවන්ඩෝ පළාතට පැමිණ රැකියා නියුක්තියට හේතු මොනවා ද, එදිනෙදා ජීවිත, වැඩ කටයුතු, රැකියා නියුක්තියෙන් ලැබූ අත්දැකීම්, අනාගත සැලසුම් කෙසේද ආදී ප්‍රශ්න කෙරෙහි එහිදී අවධානය යොමු වුණා.

සමීක්ෂණයට ලක් වූවන් සමග සාකච්ඡා වලින් ලැබූ තොරතුරු වලට අනුව, රැකියා නියුක්තිය තුළ, ඔවුන් බලහත්කාරයෙන් වැඩ කරවීමේ කිසිදු තත්ත්වයක් නොමැත. රැකියා නියුක්තිය ඔවුන්ගේ ස්වයං තෝරා ගැනීමක්. අදාළ ව්‍යවසායන් සුළු ජාතික සේවකයන්ගේ විවිධ අයිතීන් මනා ලෙස සුරක්ෂිත කරනවා. වැඩ කිරීමේදී ආගමික නිදහස,ජාතික භාෂාව හා අකුරු භාවිත කිරීමේ අයිතිය ඔවුන්ට හිමි වනවා.එමෙන්ම අදාළ ව්‍යවසායන් ඔවුන් සඳහා සුදුසු ජාතික ආහාර ලබා දෙන බව එම වාර්තාවේ සඳහන් වනවා.

අදාළ දත්තවලට අනුව, ගමෙන් පිටට ගොස් රටේ වෙනත් ප්‍රදේශවල රැකියාවන්හි නියුක්ත, ෂින්ජ්‍යන් උයිගුර් ස්වායත්තයේ සුළු ජාතික ජනතාවට එක් එක් සක්‍රීය අර්ථයන් හා වැදගත්කම් හිමි වෙනවා. පවුලේ ආදායම වැඩි වීම, දැක්ම පුළුල් වීම, වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීම, දරුවන්ට වඩාත් යහපත් අධ්‍යාපන සම්පත් ලබා දීම, කාන්තාවන්ගේ පවුලේ හා සමාජයේ හිමි වන ස්ථානය ඉහළ නැංවීම යන වාසී තිබෙන නිසා ෂින්ජ්‍යන් උයිගුර් ස්වායත්තයේ ඇතැම් ජනතාව සිය කැමැත්ත මත චීනයේ වෙනත් ප්‍රදේශවලට පැමිණ රැකියාවල නියුක්ත වීමට තෝරා ගෙන ඇතැයි එම වාර්තාව පෙන්වා දී තිබෙනවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන