චීන ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදයේ දී චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි
2021-03-20 20:07:43
Share with:

දෙදින චීන ඇමරිකා ඉහළ පෙළේ උපායමාර්ගික සංවාදය  ඇමරිකාවේ Anchorage නගරයේදී පසුගිය 19 වනදා අවසන් විය.ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු චීන ඇමරිකා ඉහළ පෙළේ නිලධාරින් අතර පැවති ප්‍රථම සෘජු හමුවීම මෙයයි. 

එම සංවාදය තුළදී චීනය අවංකව සිය ස්ථාවරය හා කණස්සල්ල ප්‍රකාශ කරමින් සංඥා තුනක් පැහැදිලිව නිකුත් කර ඇත.

පළමුව චීනය එම සංවාදයට පැමිණීමේ අරමුණ වන්නේ ප්‍රශ්න විසඳා ගැනීමයි. වාද විවාදය පැවැත්වීම සඳහා නොවේ. එහෙත් ඇමරිකාව සංවාදය තුළ අයුතු ලෙස චීනයට චෝදනා කිරීමේ තත්වයට මුහුණ දුන් චීනය, නිසි ආකාරයෙන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර රටේ ස්වාධිපත්‍යය,ආරක්ෂාව හා සංවර්ධන ජයග්‍රහණ සුරක්ෂිත කිරීමේ දැඩි අධිෂ්ඨානය පෙන්වා දී තිබේ.

දෙවැන්න ,දෙපාර්ශ්වය අතර ප්‍රබල මතභේද පැවතිය ද ඇමරිකාව සමඟ ප්‍රායෝගික ලෙස සහයෝගිතා පැවැත්විය හැකි කරුණු චීනය සොයා ගනිමින් සිටින අතර ඇමරිකාව සමග අදාළ එකඟතාවන්ට ද එළඹී ඇත. එමගින් දෙරටේ හා සමස්ත ලෝකයේ ප්‍රතිලාභ කෙරෙහි චීනය දරන ඉහළ වගකීම් පිළිබිඹු වේ.  

තුන්වැන්න , විශාල රටවල් අතර සබඳතා පැවැත්වීමේ නිසි මාර්ගය කෙසේද යන්න පිළිබඳව සිය අදහස් පැහැදිලි කරමින් චීනය සැබෑ බහු පාර්ශ්වවාදය ස්ථිර ලෙස අනුගමනය කරන බව එම සංවාදයෙන් පෙන්වා දී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජගත් පද්ධතිය හා ජගත් නීතිය පදනම් කරගත් ජගත් පටිපාටිය ස්ථිරව සුරක්ෂිත කරන බව චීනය යළි අවධාරණය කළේය. ඇතැම් රටවල් විසින් සම්පාදිත ප්‍රතිපත්ති පදනම් කරගත් පද්ධතියක් අනුගමනය  කළ නොහැකිය. ඇමරිකාව විසින් සම්පාදනය කරන ලද ප්‍රතිපත්ති ජාත්‍යන්තර ප්‍රතිපත්ති නොවේ.

චීනය විසින් ඉදිරිපත් කරන ලද එම මතය මගින් ලෝකයේ බහුතර රටවල හඬ ප්‍රකාශ කෙරිණ. පෙර නොවූ ආකාරයේ වත්මන් වසංගත තත්ත්වය යටතේ සාමකාමී සංවර්ධනය, සහයෝගිතා මගින් පොදු ජයග්‍රහණ ලැබීම ජගත් ප්‍රජාවේ පොදු එකඟතාවයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන