ෂින්ජියංහි සැබෑ තත්ත්වය ක්‍රමයෙන් ලෝ වැසියන් ඉදිරියේ පැහැදිලි වන ලකුණු
2021-03-19 20:09:21
Share with:

ෂින්ජියංහි සැබෑ තත්ත්වය ක්‍රමයෙන් ලෝ වැසියන් ඉදිරියේ පැහැදිලි වන ලකුණු_fororder_ac345982b2b7d0a20598799c239241014a369ae7

47 හැවිරිදි Adrian Zenz, බටහිර රටවල ඇතැම් බලවේගයන් විසින්, ‘චීනයේ ෂින්ජියං ප්‍රදේශයට අදාළ පර්යේෂණ ක්ෂේත්‍රයේ අධිකාරීත්වය ඇති කෙනෙක්’ ලෙස ප්‍රචාරය කළ ද ඔහු ඇත්තටම ෂින්ජියං ප්‍රදේශය පිළිබඳ ව්‍යාජ තොරතුරු රාශියක නිර්මාණකරුවාය. වසර 2018 සිට ඔහු ෂින්ජියං ප්‍රදේශය පිළිබඳ ලිපි හා වාර්තා රැසක් නිර්මාණය කර ඇත. ‘බලහත්කාරයෙන් කම්කරු වැඩවලට යෙදවීම’ ‘සංස්කෘතික සංහාරය’ ‘ජන ඝාතනය’ ‘බලහත්කාරයෙන් වන්ධ්‍යකරණය සිදු කිරීම’ යනාදී භයානක පුවත් මූලික වශයෙන් නිර්මාණය කරනු ලැබුවේ Adrian Zenz විසින්මයි.

එහෙත්, මෙම ඊනියා ‘ෂින්ජියං ප්‍රශ්නය පිළිබඳ විශේෂඥයා’ චීනයට පැමිණියේ ම නොමැත. ඔහු විසින් රචනා කළ ලිපි හා වාර්තා මඳ සැලකිල්ලකින් යුක්තව කියැව්වහොත්, අහේතුකබව, සිය කරුණු ආශ්‍රයෙන්ම සිය කරුණු ප්‍රතික්ෂේප කිරීමේ ස්ථාන එහි පිරී තිබෙන බව සොයා ගත හැකිය. ඒවා ශාස්ත්‍රීය ලෙස ආවරණය වන දේශපාලන මෙවලම් පමණකි.

දිගු කාලයක් පුරා බටහිර ලෝකයේ පුදුම සංසිද්ධියක් පවතී. චීනය පිළිබඳ පුවත් නම්, කොපමණ සත්‍යයෙන් ඈත් වුවද ඒවා සැමවිටම ඇතැම් බලවේගයන්ගේ අවශ්‍යතාවන්ට සපුරා ගත හැකිය. Adrian Zenz, ෂින්ජියං පිළිබඳ ව්‍යාජ වාර්තා හා පුවත් නිර්මාණය කර තිබෙන්නේ එම අවශ්‍යතාව ප්‍රයෝජනයට ගනිමිනි. ඔහුට ඒ තුළින් අවාධානය තමා වෙත දිනා ගනිමින් එම බලවේගයන්ගේ ප්‍රශංසා හා ප්‍රදාන ලබා ගත හැකි ය. ඔහුගේ ලිපි හා වාර්තා, චීනයට හිතකාමී නොවන බටහිර දේශපාලනඥයින්ගේ හා මාධ්‍යයන්ගේ උපරිම පිළි ගැනීමට ලක් විය. ඒවා, චීනයට සම්බාධක පැණවීමේ සාක්ෂි ලෙස පවා භාවිත කර ඇත.

එහෙත් අසත්‍යය සදාකාලීනව ඈතට ගිය නොහැකි ය. ප්‍රංශයේ ප්‍රකට ලේඛක Maxime Vivas මහතා ෂින්ජියංවලට නොපැමිණි අය නිර්මාණය කළ පුවත්වල සාවද්‍ය බව අනාවරණය කළේය. අනතුරුව 46 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී චීනයේ ෂින්ජියංහි ප්‍රතිපත්තිය සඳහා රටවල් රැසක් අනුබල දක්වා ඇත. ෂින්ජියංහි සැබෑම තත්ත්වය ක්‍රමයෙන් ලෝ වැසියන් ඉදිරියේ පැහැදිලි වෙමින් පවතී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන