එකිනෙකට වෙනස් අරමුණු සහිත ඇමරිකා ජපාන සන්ධානය
2021-03-18 15:21:42
Share with:

පසුගිය දා ඇමරිකාව හා ජපානය ටෝකියෝහිදී ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී දෙපාර්ශ්වය වැඩි වශයෙන් කතා කළේ චීනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව වීම විශේෂත්වයකි. එකිනෙකා සන්ධානකරුවන් වශයෙන් සලකා චීනය මර්දනය කිරීමට එම සාකච්ඡාව පැවැත්වුව ද ඇමරිකාවට හා ජපානයට ඇත්තේ වෙන වෙන අරමුණු ය.

ට්‍රම්ප් රජය ජපානය කෙරෙහි විටින් විට වෙනස් වන ආකල්පයෙන් යුතුව කටයුතු කර තිබේ. එයින් ඇති වූ සෘණාත්මක බලපෑම් අවම කරමින් බයිඩන් රජය ජපානය සමග වඩාත් සමීප සම්බන්ධතාවක් පැවැත්වීමට කැමැත්තෙන් සිටී. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හා ජාතිකාරක්ෂක ලේකම්වරයා සිය පළමු විදේශ සංචාරය සඳහා ජපානය තෝරා ගෙන තිබෙන්නේ එබැවිනි.              ජාතිකාරක්ෂාව සඳහා ජපානය ඇමරිකාව මත දැඩි ලෙස රැඳී සිටී. චීනය සමග දේශභූමි ප්‍රශ්නයක් පවතින බැවින් ජපානය ඇමරිකාවෙන් ආධාර බලාපො‍රොත්තු වේ. ඇමරිකා-ජපාන සන්ධානය මගින් රටවල් දෙක කෙතරම් දුරට සමීප විය හැකි දැයි යන්න ප්‍රශ්නයකි.

එහෙත් චීනයට එරෙහිව ගොඩ නැ‍ගුණු මෙම සන්ධානයෙන් ඇමරිකාව හා ජපානය අපේක්ෂා කරන දේ එකිනෙකට වෙනස් ය. ජපානය Diaoyu දූපත පිළිබඳ ‍දේශභූමි ප්‍රශ්නයට වැඩි අවධානය යොමු කළ ද ඇමරිකාවේ අවධානය යොමු වී තිබෙන්නේ තායිවාන සමුද්‍ර සන්ධි තත්ත්වය හා මානව හිමිකම් වැනි කරුණුවලට ය. හැමවිටම සිය අයිතීන් ගැන පමණක් සිතන ඇමරිකාව ජපානයට රැකවරණය ලබා දෙන්නේ නොමිළේ නොවන බව ජපාන මාධ්‍ය පෙන්වා දී ඇත. චීනය මර්දනය කිරීමෙන් ජපානයට සිදු වන්නේ විශාල ආර්ථික අලාභයකි. එබැවින් ඇමරිකා-ජපාන සන්ධානය මගින් රටවල් දෙක කෙතරම් දුරට සමීප විය හැකි ද යන්න ප්‍රශ්නයකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන