ඇතැම් පොහොසත් රටවල ආත්මාර්ථකාමී ක්‍රියාවන් නිසා ‘ගෝලීය එන්නත් පරතරය’තව තවත් පුළුල් වෙයි
2021-03-18 19:04:52
Share with:

පසුගියදා චීන එන්නත් ලැබීමෙන් පසු මෙක්සිකෝ ජනාධිපති Andrés Manuel López Obrador මහතා චීනයට ස්තුති කරමින්, ප්‍රථම වරට ඇමරිකාවට ප්‍රකාශයක් නිකුත් කළේය. ‘ඇමරිකාවට හැකි ඉක්මනින් ස්තුති කරන්නත් කැමතියි. ඒත් මේ වන තෙක් ඔවුන් තවමත් අපට උදව් දෙනවා කියලා කිව්වේ නෑ.’

මේ අතර ලෝකයේ බොහෝ රටවල් ඇමරිකාවෙන් එන්නත් සහාය ඉල්ලා සිටියද දැනට තම රට කිසිදු රටකට එන්නතක් ලබා දී නොමැති බව ඇමරිකානු ධවල මන්දිර ප්‍රකාශක Jen Psaki මහත්මිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

ඇමරිකාවේ ක්‍රියාකලාපය, ලෝක වාසීන්ගේ කණස්සල්ලට හේතු වන ‘එන්නත් ජාතිකවාදයේ’ පිළිබිඹුවකි. සිය ජනගහණයට වඩා බොහෝ අධික ලෙස එන්නත් ගබඩා කර ගැනීම, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහෙයවන COVAX සැළැස්ම සමග එන්නත් සම්පතට තරග වැදීම, එන්නත් නිෂ්පාදන අමුද්‍රව්‍ය අපනයනය සීමා කිරීම, මේ සියල්ලම ඇමරිකාව ඇතුළු ඇතැම් පොහොසත් රටවල ආත්මාර්ථකාමී ක්‍රියාවන්ය. ඒවා ගෝලීය එන්නත් බෙදා දීම අසාධාරණයට ලක් වීමට හේතු වී ඇත. එමගින් එන්නත් බෙදා දීම කැලෑ නීතියේ තර්ජනයට ලක් විය.

එක්සත් ජාතීන්ගේ දත්තයන්ට අනුව සමස්ත එන්නත්වලින් සියයට 75ක් රටවල් 10කට යොමු වී තිබේ. රටවල් 130කට මේ වන විට කිසිදු එන්නතක් ලැබී නොමැත. සමහර සංවර්ධිත රටවල්, ආකල්ප අගතිය හා වාසි මත, චීනය හා රුසියාව ඇතුළු රටවල එන්නත් අපහාසයට ලක් කිරීමට තැත් කර ඇත. ජන ජීවිතය බේරා ගැනීමට අතිශයෙන් වැදගත් වන එන්නත් ඔවුන් විසින් සලකන්නේ දේශපාලන මෙවලමක් ලෙසිනි.

මෙවන් අයගේ ක්‍රියාවන්ට තවදුරටත් ඉඩ ලබා දුනහොත්, ‘ගෝලීය එන්නත් පරතරය’ තව තවත් පුළුල් වනු ඇත. එය හානිකර වන්නේ සමස්ත මානවයාගේ යහපතටයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන