ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් චීන නිලධාරීන්‍ට පදනම් විරහිත සම්බාධක
2021-03-17 19:27:46
Share with:

ඇතැම් චීන නිලධාරීන් හොංකොංහි උපරිම ස්වයං පාලනය සීමා කළ බවට අපහාස කරමින්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එම නිලධාරීන්ට එරෙහිව සම්බාධක පනවන බව අද (17) නිවේදනය කළේය. එහෙත් ඇමරිකාව විසින් පනවන ලද සම්බාධක සඳහා  කිසිදු හේතුවක් නොමැති බව පැහැදිලිය. 

හොංකොං, මව්රට  වන චීනයට ආපසු පැමිණීමෙන් පසු චීන මධ්‍යම රජය ‘එකම රටක් ක්‍රම දෙකක්’, ‘හොංකොං වැසියන් විසින් හොංකොං පාලනය කිරීම’, ‘උපරිම ස්වයං පාලනය’ යන ක්‍රියාමාර්ග ස්ථිර ලෙස ක්‍රියාත්මක කර තිබේ. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මැතිවරණ ක්‍රමය පරිපූර්ණ කිරීමට පසුගියදා චීන උත්තරිතර බලායතනය තීරණය කර ඇත. එය මධ්‍යම රජය හොංකොං කෙරෙහි දක්වන සම්පූර්ණ පාලන බලයේ පිළිබිඹුවක් වන අතර හොංකොංහි උපරිම ස්වයං පාලන අයිතියට පූර්ණ ලෙස ගරු කරමින් සහතික කර ඇත.  

‘එකම රටක්’ යන්න ‘ක්‍රම දෙකක්’ යන්නට පූර්ව කොන්දේසිය හා පදනම බව පෙන්වා දිය යුතුය. ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින් විසින්, චීනය සිය හොංකොං ප්‍රදේශයේ මැතිවරණ ක්‍රමය පරිපූර්ණ කිරීම, ‘හොංකොංහි උපරිම ස්වයං පාලනය සීමා කිරීමක්’ ලෙසට අපහාස කිරීම පදනම් විරහිත චෝදනාවකි.

තායිවාන ප්‍රදේශය, හොංකොං විශේෂ පරිපාලන කලාපය හා ෂින්ජියං උයිගුර් ස්වායත්තයට සම්බන්ධ ප්‍රශ්න, චීනයේ අභ්‍යන්තර කටයුතු බව චීනය යළි යළිත් අවධාරණය කර ඇත. එය චීනයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට අදාළය. ඇමරිකාව චීනයේ කේන්ද්‍රීය යහපතට ගරු කරමින් පරීක්ෂාකාරී ලෙස හැසිරිය යුතුය. දැනට ඇමරිකාව චීන නිලධාරීන්ට පනවන ‘සම්බාධක’, චීන ඇමරිකානු සබඳතාවන්  විධිමත්වීම කෙරෙහි අහිතකරය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන