2021 වසරේ චීන ආර්ථිකය අඛණ්ඩව ප්‍රකෘතිමත් වනු ඇති බවට අපේක්ෂා
2021-03-16 10:26:39
Share with:

පසුගිය වසරේ, බොහෝ අසීරුතාවන් මග හරවමින්, චීන ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සාක්ෂාත් කර තිබේ. එහි වර්ධන ප්‍රවණතාව මෙම වසර තුළ අඛණ්ඩ ව ඉදිරියට පවත්වා ගෙන යා හැකිද යන්න පොදු අවධානයට ලක්වන ප්‍රශ්නයකි . චීනය ඊයේ(15) නිකුත් කළ නවතම දත්තයන්ට අනුව, පසුගිය ජනවාරි මාසයේ හා පෙබරවාරි මාසයේ චීනයේ නිෂ්පාදන ඉල්ලුම් අඛණ්ඩ ව යථා තත්ත්වයට පත් වී, සමස්ත වශයෙන් රැකියා නියුක්තිය හා භාණ්ඩ මිළ ස්ථාවර මට්ටමක පවත්වා, ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් වර්ධනය වී ඇත.

චීන ආර්ථිකය පුනරුත්ථාපනය අඛණ්ඩ ව ඉටු කිරීම මගින් දිගුකාලීන ව චීන ආර්ථිකය යහපත් අතට හැරීමේ මූලික තත්ත්වය වෙනස් නොවන බව, යළි සනාථ වී ඇත. පසුගිය වසරේ දෙවන කාර්තුවේ සිට තවදුරටත් ක්‍රියාත්මක වසංගත වැළැක්වීම සහ ආර්ථික ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ගෙන ඇති පියවර අඛණ්ඩ ව ඵලදායී බවද ඉන් පෙන්නුම් කෙරේ.

එමෙන් ම, බාහිර වටපිටාව යහපත් වීම ද, චීන ආර්ථික පුනරුත්ථාපනයට සහායක් වී තිබේ. COVID-19 එන්නත ලොව පුරා ලබා දීමත් සමග, ප්‍රධාන ආර්ථික ඒකක වල නිෂ්පාදන කර්මාන්ත ප්‍රකෘතිමත්වීමේ දර්ශක යළි ඉහළ ගොස් ඇත. චීන අපනයන ඉහළ යාමට එය හේතුවී ඇත.

චීන රජය මෙම වසරේ ආර්ථික වර්ධනය 6%කට ඉහළ අගයක් අපේක්ෂා කරයි. මෙම ඉලක්කය සාක්ෂාත් කිරීම චීනයට අසීරු කාර්යයක් නොවන බව Eurasia සමූහයේ චීනය හා ඊසානදිග ආසියාව පිළිබඳ අධ්‍යක්ෂ Michael Hirson මහතා පවසයි. ප්‍රමාණයට සාපේක්ෂව, චීනය සිය සංවර්ධන ගුණාත්මකභාවයට ප්‍රමුඛත්වයක් ලබා දෙයි. මෙය ඉතා නිවැරදි තීරණයක් බව ද ඔහු කියා සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන