කලාපීය සාමයට හා ස්ථාවරත්වයට හානිකර විය හැකි ඇමරිකානු දේශපාලනය
2021-03-16 20:20:00
Share with:

ඇමරිකාව, ජපානය, ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව යන රටවල් හතරේ නායකයෝ මෑතකදී වීඩියෝ සමුළුවක් පැවැත්වූහ. එය එම රටවලින් සමන්විත සිව්පාර්ශ්වික ක්‍රමවේදය හෙවත් QUAD ක්‍රමවේදය පිහිටුවීමෙන් පසු පැවැත්වූ ප්‍රථම නායක මට්ටමේ සමුළුවයි. සමුළුවෙන් අනතුරුව නිකුත් කෙරුණු නිවේදනය මගින් චීනය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර නොමැති නමුත්, එමගින් ඇමරිකාව සිය සන්ධානයේ රටවල් සමග එක්ව, චීනයට විරෝධය ශක්තිමත් කිරීම පිළිබඳ කැපී පෙනෙන ස්ථාවරයක් අනාවරණය වූ බව මාධ්‍ය ආයතන විශ්ලේෂණය කර ඇත.

QUAD ක්‍රමවේදය ස්ථාපිත වූයේ වසර 2004රේදීය. ඇමති මට්ටමේ සංවාදයක් වූ එම ක්‍රමවේදය, ඇමරිකානු නව රජය විසින්, නායක මට්ටමේ සංවාදයක් දක්වා උත්ශ්‍රේණිගත කෙරිණ. ඇමරිකානු නව රජය ‘ඉන්දු ශාන්තිකර උපායමාර්ගය’ අඛණ්ඩව ඉදිරියට මෙහෙයවීමේ පියවරක් ලෙස එය සැලකිය හැකි බව විශ්ලේෂකයෝ පවසති. කෙසේ වුවද ඉන්දු ශාන්තිකර කලාපීය රටවල් සමග එක්ව චීනය මර්දනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ඉලක්කය වෙනස් නොවීය.

ජගත් ප්‍රජාවට නම්, ඇමරිකාව දැනට ක්‍රියාත්මක කරන හුදෙකලා කවය හා කණ්ඩායම් දේශපාලනය සැලකිල්ලට ලක් විය යුතු සංසිද්ධියකි. එයින් නව භේද, නව ගැටුම් ඇති විය හැකි අතර කලාපීය සාමයට හා ස්ථාවරත්වයට හානි එල්ල විය හැකි නිසා සෝදිසියෙන් සිටිය යුතුය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන