චීනයේ ෂින්ජියං ප්‍රදේශය ගැන සත්‍යය පවසන ජාත්‍යන්තර උගතුන් හා මාධ්‍යවේදීන් ගණන ඉහළ යයි
2021-03-15 19:28:28
Share with:

වසර දෙකකට පෙර චීනයේ ෂින්ජියං ප්‍රදේශයට පැමිණි ප්‍රංශයේ ප්‍රකට උගතෙකු වන Christian Mestre මහතා එම ප්‍රදේශයේ දී සියැසින්ම දුටු ත්‍රස්ත විරෝධී ජයග්‍රහණ පිළිබඳව විස්තර කළේය. එහෙත් ඔහුගේ කතාව බටහිර මාධ්‍ය ආයතනවල දැඩි කෝපයට හේතු වූ අතර අවසානයේ ඔහුට සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදු විය.

මහාචාර්ය Christian Mestre මහතාගේ අවාසනාව, විශාල අයිස් කන්දක කොණක් පමණක් සේය. ෂින්ජියං ප්‍රශ්නය මගින් චීනය මර්දනය කිරීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා දිගු කාලයක් පුරා බටහිර ර‍ටවල දේශපාලනඥයින් හා මාධ්‍ය ආයතන බොරු මාලාවක් ගොතා සාධාරණ සේ හැසිරෙමින් සත්‍යය පවසන පුද්ගලයින්ගෙන් පළිගැනීමෙහි නිරත වී ඇත.

එහෙත් යුක්තිය කිසිදා දුෂ්ට ක්‍රියාවන්ට හිස නොනමන්නාක් මෙන්, දැන් එන්න එන්නම ජාත්‍යන්තර උගතුන් හා මාධ්‍ය වේදීන් වැඩි පිරිසක් සත්‍යය කීමෙහි නියැළී සිටිති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන රැස්වීම් තුළදී බොහෝ රටවල නියෝජිතයින් චීනයේ ෂින්ජියංහි ප්‍රතිපත්තියට ඉමහත් ලෙස අනුබල දක්වා ඇත. ෂින්ජියංහි රැකියාව කළ ඊජිප්තුවේ El Arish විශ්ව විද්‍යාලයේ උප මහාචාර්ය Osama Abu Saud මහතා මෑතකදී එම කවුන්සිලයේ මාර්ගගත රැස්වීමක් අමතමින් සිය අත්දැකීම් විස්තර කළේය. ෂින්ජියං, සුවිශේෂී හා මනස්කාන්ත ප්‍රදේශයකි. විවිධ ජන කොට්ඨාශ සමගියෙන් එකට සිටිමින් සුන්දර ජීවිත සඳහා උද්‍යෝගිමත්ව කටයුතු කරමින් සිටිති. ජනතාවගේ ජීවිත සන්සුන්, හා සාමකාමී බව ඔහු පවසා ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන